ජීවිතේට නීතිය: පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පිළිබඳ ඔබ නොදත් දේ(281 වන ලිපිය)

post-title

" බලහත්කාරයෙන් දූෂණයට ලක් වූ පෙම්වතිය පෙම්වතාට පිහියෙන් කොටා පොලීසි යයි. "

මේ ලංකාවේ ජාතික පුවත්පතක පළ වූ පුවතක සිරස්තලයක්. මේ පුවතට අනුව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිoචි 24 හැවිරිදි තරුණියක් එම ප්‍රදේශයේ ම පදිoචි තරුණයකු සමග ආදර සබදතාවයක් පවත්වාගෙන ගොස් ඇත. නමුත්, එක්තරා දිනයකදී මේ තරුණයා ඇය ව ත්‍රීරෝද රථයකින් නායබැද්ද වතු යායට රැගෙන ගොස් එම ප්‍රදේශයේ පාළු ස්ථානයකදී පිහියක් පෙන්නා බිය ගන්වා ඇය ව දූෂණය කර ඇත. එක වතාවකින් නොනැවතී නැවත වතාවක් ඇය ව දූෂණය කිරීමට උත්සහ දරා ඇත. එම අවස්ථාවේදී ඇය පෙම්වතා අතේ තිබූ පිහිය උදුරාගෙන ඒ පිහියෙන් ම පෙම්වතාට ඇන තුවාල කර පොලීසියට ගොස් ඇත. මෙම සිදුවීමේදී නීතියට අනුව තරුණයාට පිහියෙන් ඇන තුවාල කිරීමට හේතු වූයේ, තමන් ව දූෂණය කිරීමෙන් තම පෞද්ගලික ආරක්ෂාවට හානියක් කල නිසා යැයි පවසමින් ඇයට මේ සිදු කල වරද සාධාරණීකරණය කිරීමට ඉඩක් ඇත.

එමෙන්ම , මේ දිනවල වඩාත් කතාබහට ලක් වූ සිදුවීමක් වූයේ පොලිස් නිලධාරියෙක් විසින් මහ මග දි අනතුරක් කල පුද්ගලයෙකුට සිදු කල පහරදීමේ සිදුවීමකි . යම් පුද්ගලයෙක් ව අත් අඩoගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට අවශ්‍ය වූ විටෙක , අදාල පුද්ගලයා අවනත නොවී පැන යාමට හෝ පොර බැදීමට උත්සහ කරන විටෙක වුවත් අදාල පුද්ගලයා ව යටත් කරගැනීම සදහා පොලිස් නිලධාරින්ට භාවිතා කල හැක්කේ අවම බලයක් පමණි. අවම බලය යනුවෙන් සලකන්නේ අදාල පුද්ගලයා යටත් වීමට එරෙහිව දක්වන ප්‍රති විරෝධය මැඩ පැවැත්වීමට අවශ්‍ය ඊට සමාන බලයක් පමණි. එසේ නොමැති ව කිසිදු විරෝධයක් නොමැති ව අවනත වන කිසිදු පුද්ගලයෙකුට එරෙහි ව පහරදීමක් හෝ වෙනත් කිසිදු හානියක් සිදු කිරීමට පොලිසියට බලයක් නොමැත. පොලිස් නිලධාරියෙක් විසින් හෝ වෙනත් පුද්ගලයෙක් විසින් එවැනි පහරදීමක් හෝ වෙනත් හානියක් සිදු කරන අවස්ථාවල දී පුද්ගලික ආරක්ෂාව යටතේ එයට එරෙහි ව කටයුතු කිරීමට නීතියෙන් ඉඩකඩ ලබා දී ඇත. අද මම මේ ලිපියෙන් කතාබහට ලක් කරනුයේ මෙම පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පිලිබඳ ව යි ...

ලoකාවේ දණ්ඩ නීති සoග්‍රහයේ 90 වැනි වගන්තිය අනුව ශරීරය හා දේපළ පිලිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය හිමි වේ. එම වගන්තියේ සදහන් වන්නේ ,

• මනුෂ්‍ය ශරීරයට විරුද්ධ ව කෙරෙන යම් වරදක දී තමගේ ශරීරය මෙන් ම වෙනත් තැනැත්තකුගේ ශරීරය ද ,

• සොරකෑම, කොල්ලකෑම, අනර්ථ කිරීම හෝ සාපරාධී අයුතු ඇතුළු වීම යන වරදවල් සිදු කරන අවස්ථාවක හෝ එම වරදවල් සිදු කිරීමට තැත් කරන අවස්ථාවක දී තමාගේ හෝ වෙනත් තැනැත්තකුගේ චoචල හෝ නිශ්චල දේපළ ද ,

ආරක්ෂා කරගැනීමට සෑම තැනැත්තකුට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය හිමි වේ. කෙසේ නමුත්, 90 වැනි වගන්තිය යටතේ මෙලෙස හිමි වන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යම් සීමා කිරීමක් 92 වගන්තිය යටතේ සිදු කර ඇති බව පෙනේ. 92 වන වගන්තිය අනුව , තමාගේ නිලයේ නාමයෙන් රජයේ සේවකයකු විසින් සද්භාවයෙන් කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ මරණය හෝ බරපතළ තුවාල කිරීමක් සිදු විය හැකි ක්‍රියාවකට එරෙහි ව , එය නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් වුවද පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කල නොහැකිය. නමුත්, පොලිස් නිලධාරියෙක් විසින් පොලිස් නිල ඇදුම අවභාවිතා කරමින් , කිසිදු ප්‍රති විරෝධයක් නොදක්වන, නිරායුධ සාමාන්‍ය පුද්ගලයෙක්ට සිදු කරනු ලබන පහරදීමකදි එයට එරෙහිව පෞද්ගලික ආරක්ෂාව යටතේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නීතියෙන් හැකියාවක් ඇති බව මතක තබා ගැනීමත් වැදගත් ය. කෙසේ නමුත්, තමන්ගේ ආත්ම ආරක්ෂාවේ ප්‍රමාණයට හැර ඊට වඩා එහා ගිය පීඩාවක් , හානියක් සිදු කිරීමට කවර අවස්ථාවක වත් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කල නොහැකි ය. 

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ තමාගේ හෝ වෙනත් තැනැත්තකුගේ ආරක්ෂාව වෙනුවෙන් යම්කිසි පුද්ගලයෙක්ට යම් ශාරීරික හානියක් කල හැකි වුවත් ඕනෑකමින් ම මරණයක් සිදු කිරීමේ හැකියාව සෑම අවස්ථාවේදී ම හිමි වන්නේ නැත. ඒඅනුව, දණ්ඩ නීති සoග්‍රහයේ 93 වන වගන්තියේ අනුව,

1. තමන්ට මරණය අත් වන බවට සාධාරණ ලෙස අනුමාන කල හැකි යම් පහරදීමක් සිදු වූ අවස්ථාවක.

2. තමන්ට බරපතළ තුවාල වීමක් සිදුවන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකි පහරදීමක් සිදු වූ අවස්ථාවක.

3. ස්ත්‍රී දූෂණයක් කිරීමේ අදහසින් පහරදීමක් සිදු වූ අවස්ථාවක.

4. අස්වාභාවික ලෙස කාමය සoසිදවා ගැනීමේ අදහසින් පහරදීමක් සිදු වූ අවස්ථාවක.

5. අපහරණය කිරීමේ හෝ පැහැරගෙන යාමේ අදහසින් පහරදීමක් සිදු කල අවස්ථාවක.

6. තමා නිදහස් කරගැනීමට ආණ්ඩුවේ බලධරයකු වෙත ඉදිරිපත් වීමට ඉඩ නැති වන බව සාධාරණ ලෙස අනුමාන කල හැකි වන අවස්ථා යටතේ යම් තැනැත්තකු අයුතු ලෙස සිර කර ගැනීමේ අදහසින් කරන පහරදීමක් සිදු කල අවස්ථාවක.

යන අවස්ථා වලදී පහරදෙන්නා හට ඕනෑකමින් ම මරණය සිදු කිරීම හෝ වෙනත් පීඩාවක් සිදු කිරීම දක්වා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කල හැකිය. දණ්ඩ නීති සoග්‍රහයේ 96 වන වගන්තිය අනුව, 

• කොල්ලකෑම , 
• රාත්‍රියේ දී ගෙවල් බිදීම , 
• පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා නොකළොත් ප්‍රතිඵලය මරණය හෝ බරපතළ තුවාල කිරීම වන බව සාධාරණ ලෙස අනුමාන කල හැකි අවස්ථාවක දී සොරකම,අනර්ථ කිරීම හෝ ගෙයකට අයුතු ඇතුළු වීම ,

යනාදිය අතරින් යම් වරදක් සිදු කරන අවස්ථාවක හෝ වරදක් සිදු කිරීමට තැත් කරන අවස්ථාවක දේපළ පිලිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කැමැත්තෙන් ම මරණය සිදු කිරීම හෝ වෙනත් පීඩාවක් සිදු කිරීම සදහා භාවිතා කල හැකි ය.

ලoකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් මාලාව යටතේ 11 වන ව්‍යවස්ථාව අනුව ,
" කිසිම තැනැත්තෙකු වධ හිoසාවලට හෝ කෲර , අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය. " 
ඒඅනුව , පොලිස් නිලධාරියෙක් විසින් අයුතු ලෙස බලය භාවිතා කරමින් සිදු කරන පහරදීමකදි මෙන් ම වෙනත් පුද්ගලයෙක් විසින් සිදු කරන කුමන හෝ පහරදීමක්, හානියක්, බලහත්කාරකමක් මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ද සැලකිය හැකියි.

Top