සමාජයහපත උදෙසා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ හැඩහුරුව කෙසේ සකස් විය යුතු ද ? (728)

post-title

දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන පිළිබඳව හැදෑරීමට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ පමණක් නොව, ඉන් ඔබ්බට ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළ ද රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ භූමිකාව පුළුල් ලෙස කතිකාවට ලක් වන්නකි. මන්ද, රාජ්‍ය ප්‍රතිපත්ති වලින් ගන්නා තීන්දු තීරණ වල බලපෑම ජනතාව විෂයෙහි එල්ල කරන්නාවූ බලපෑම සුළු පටු නො වූවක් වන බැවිනි . මේ සා වැදගත්කමක් දරන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි පසුබිම පිළිබඳව ද පිළිබඳ මූලික අවධානය යොමු කර තිබීම වැදගත් වේ.

ලෝක යුද්ධ දෙකක් හා කාර්මීකරණය නිසා ශේෂ වී ඇති සමාජ ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමට රජයේ මැදිහත්වීම වර්ධනය වීමත් සමඟ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමට පසුබිම සැකසී ඇත. මෙයින් ගම්‍යමාන වන්නේ ආරම්භය තුළ පටන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාදාමය සැකසී ඇත්තේ ජනතාවගේ සුබසෙත අරමුණු කරගනිමින් බවයි. මෙකී පසුබිම කේන්ද්‍ර කොට ගෙන පැන නැගෙන රාජ්‍ය ප්‍රතිපත්ති මානව අවශ්‍යතා හා ඒවා ඉටු කිරීම සමග බද්ධව පවතී. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය දේශපාලනඥයින්ගේ කාර්යයක් වන අතර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෘත්තීය රාජ්‍ය නිලධාරීන් හරහා සිදුවේ .

ඩේවිඩ් ඊස්ටන් විසින් රාජ්‍ය ප්‍රතිපත්ති අර්ථකථනය කරන්නේ මෙලෙසිනි.

"නීතිමය බලඇණි සමග මුළු සමාජයටම කිසියම් සහනයක් ලබා දෙන භාණ්ඩ හා සේවාවන් බෙදාහැරීම රාජ්‍ය ප්‍රතිපත්ති වේ ."

ඊස්ටන්ගේ නිර්වචනය එලෙසින් සකස්වීමේ දී හෙන්රි විස්කර් විසින් රාජ්‍ය ප්‍රතිපත්ති හඳුනාගන්නේ මෙලෙසිනි.

"තීරණ නිර්මාණය කරන පුද්ගලයින් හෝ ආයතන විසින් වගකිවයුතු ක්‍රියාකාරකම් සමුදායක් මෙහෙයවීමට ,ඒකාබද්ධ කිරීමට හා අඛණ්ඩව පවත්වාගෙන යාමට ලබා දෙනු ලබන තීරණ සමුදායක් රාජ්‍ය ප්‍රතිපත්ති වේ ."

මෙකී සමස්ත විග්‍රහයන් මත පිහිටා රාජ්‍ය ප්‍රතිපත්ති යන්න මෙලෙසින් පොදු අර්ථකථනයක් යටතට ගොනු කිරීමට හැකියාව පවතී.

නිශ්චිත අරමුණ හෝ අපේක්ෂාවන් ලඟාකරගැනීමට බලයේ සිටින්නන් විසින් ගනු ලබන අරමුණු ගත ක්‍රියාකාරකම් වල එකතුවකි.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාදාමය ඉතාමත් භාරදූර වූත්, වගකීම් සහගත වූත් කර්තව්‍යයක් වෙයි . දේශපාලන විද්‍යා විෂය කේෂ්ත්‍රය තුළ බොහෝ කරුණු සම්බන්ධයෙන් න්‍යායාත්මක පැතිකඩ පමණක් දැක ගත හැකි වුවද යම් යම් සංකීර්ණතා සහිතව හෝ රාජ්‍ය ප්‍රතිපත්ති චක්‍රය ප්‍රායෝගිකව පිළිබිඹුවන්නකි. මෙකී ප්‍රතිපත්ති චක්‍රය ප්‍රධාන පියවරයන් පහක් ඔස්සේ ගොඩනැගෙයි.

මෙම පියවරයන් මැනැවින් ජනතාවගේ අවශ්‍යතාවලට සංවේදී ලෙස ඉදිරිපත් වන්නේ නම් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය නොමද සාර්ථකත්වයකට ළඟා වනු ඇත. මෙම පියවරයන් පහ හඳුනා ගන්නේ නම්,

(01)න්‍යාය පත්‍ර සැකසීම

(02)ප්‍රතිපත්ති සම්පාදනය

(03)නිල වශයෙන් ප්‍රතිපත්තියක් තෝරා ගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම

(04)ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරණය

(05)ප්‍රතිපත්ති ඇගයීම ලෙසිනි.

ප්‍රතිපත්ති න්‍යාය පත්‍ර සැකසීම පිළිබඳ ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු.

සමාජයේ පවතින කුමන කරුණුවලට ආණ්ඩුව අවධානය යොමු කළ යුතු ද යන්න තීරණය කරන අවස්ථාව ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුල න්‍යාය පත්‍ර සැකසීමේ අවස්ථාව ලෙස හඳුනා ගනී. සමාජයේ විවිධාකාර වූ බහුවිධ ප්‍රශ්න සමුදායක් පැවතීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම ගැටළු සමුහිතය අතරින් වඩාත් ප්‍රබල ගැටළු සඳහා ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව යොමු විය යුතුය. එලෙස ප්‍රතිචාර දැක්වීමට නම් ආණ්ඩුව සන්දර්භය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් විචාරශීලී ලෙසත්, සංවේදී ලෙසත් , එළඹි සිහියෙන් යුක්ත ලෙසත් කටයුතු කළ යුතුයි . එමෙන්ම තමන්ට සම්පත් ධාරිතාවයෙන් සීමාකම් පවතින නිසාත් , කාලය මුදල් සම්බන්ධයෙන් සීමාකම් පවතින නිසාත් වඩාත්ම උචිත වූ ප්‍රමුඛ වූ ප්‍රතිපත්තිය තෝරා ගෙන ජනතාවට අවශ්‍ය ලෙසින් න්‍යාය පත්‍ර සැකසීමට යොමු විය යුතුය. මේ අනුව පැහැදිලි වන්නේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍ර සැකසීමේ ක්‍රියාදාමය ප්‍රබල ක්‍රියාදාමයක් බවයි. මෙකී න්‍යාය පත්‍ර සැකසීම ද දෙයාකාර ස්වරූප දරයි.

  1. ජනතාවගෙන් එල්ලවන පීඩනය නිසා ආණ්ඩුව එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට යොමු වීම.
  2. මහජන පීඩනයක් සන්දර්භය තුළ නොතිබිය දී පවා මැතිවරණ මැතිවරණ වලින් ජයග්‍රහණ ලැබීම වැනි අරමුණු පෙරදැරි කරගෙන බලය අපේක්ෂිත පිරිස් විසින් ප්‍රතිපත්ති න්‍යාය පත්‍ර සැකසීමට පෙළඹීම.

ඉහත පළමු අදියර තුළදී ආණ්ඩුව විචාරශීලී ලෙසත් බුද්ධිමත් ලෙසත් ජනතාවට ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසිය යුතුය. දෙවන අවස්ථාව සලකා බලන්නේ නම්,

 තමන් යම් හෙයකින් බලයට පත් වූ කල්හි තමන්ට කළ හැකි යැයි හැඟෙන දේ පමණක් තම ප්‍රතිපත්ති න්‍යාය පත්‍ර වල ඇතුලත් කිරීමට වග වග බලාගත යුතුය.

ප්‍රතිපත්ති න්‍යාය පත්‍ර සැකසීමේ අදියර මෙලෙසින් සකස් වද්දී ප්‍රතිපත්ති සම්පාදන පියවර පිළිබඳව ද අවධානය යොමු කිරීමට යොමු වෙමු .

මේ තුළ තුළදී සිදුවන්නේ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ප්‍රතිපත්තිය සම්බන්ධ ව්‍යවස්ථාදායකය තුළ කතිකාවට ලක් කිරීමකි . මෙහිදී විද්වත් , බුද්ධිමත්, ප්‍රබල කතිකාවකට එළඹිය යුතුය . එමෙන්ම මතුවූ ගැටලුව පිළිබඳ මතුපිටින් විමර්ශනය නොකොට ඒ සම්බන්ධයෙන් පුළුල් ගැඹුරු අධ්‍යයනයක් විමසුමක් කිරීමටඑළඹ සිටි සිහියෙන් යුක්ත ව අවධානය යොමු කළ යුතුය .එපමණක්ද නොවේ එකී ප්‍රතිපත්තිය ප්‍රායෝගික ක්ෂේත්රය තුළ ක්‍රියාවට නංවන කල්හි යම් අසාර්ථකත්වයක් පිළිබිඹු කරන්නේ නම් එකී අවස්ථාව වෙනුවෙන් ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද පූර්ව දැනුවත් වීමක් සහිත වීමත්, අවධානය යොමු කර තිබීමත්, මතුවිය හැකි ගැටලු පිළිබඳ මූලික උපකල්පන වල එළඹ සිටීමත් අත්‍යවශ්‍ය වූවකි .

එලෙසින් ප්රතිපත්ති සම්පාදනය පියවරට යොමු නොවන්නේ නම් අවසාන වශයෙන් අපහසුතාවයට පත්වන්නේ ප්‍රතිපත්තිය තුළින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වූ ජනතාවම වෙයි .

ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ තුන්වන අදියර වන්නේ ප්‍රතිපත්ති නිල වශයෙන් තෝරා ගැනීම සහ ප්‍රකාශයට පත් පත් කිරීමයි .

මෙම අදියර තුළ ප්‍රතිපත්ති නිල වශයෙන් සන්නිවේදනයකට යොමු වීමත් සිදු කරයි . එහිදී ප්‍රතිපත්ති නිල වශයෙන් සන්නිවේදනය කිරීමෙන් ආණ්ඩුවට තමන්ගේ කාර්යභාරයෙන් අත මිදීමට නම් හැකියාවක් නොමැත්තේය. මන්ද තමන් සකසන්නට යෙදුණු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රබල වගකීමක් ඔවුන් සතුව පවතින බැවිනි.

අනතුරුව එළඹෙන පියවර වන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරණය වන අවධියයි.

අඩු ලුහුඩු කම් වලින් තොරව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උත්සුක වන්නාක් මෙන්ම ජනතාවගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කළ යුතු අවධිය ද මෙය යි.තමන් විසින් පනවන්නට යෙදුණු ප්‍රතිපත්තිය තුළින් ජනතාව යම් හෙයකින් අපහසුතාවයකට පත් වී පත්වී සිටින්නේ වී සිටින්නේ නම් නම්‍යශීලී ලෙස ජනතාවට සුබ සෙත සැලසීමට නම් මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට පවා මෙම අවධිය තුළ සිදුවනු ඇත .විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම අවධිය තුළ ජනතාවගේ යෝජනා විවේචන වැනි දේ සුළු කොට තැකීම කින් තොරව ඒ පිළිබඳ සාධාරණ ලෙස විභාග කොට විමසා බැලිය යුත්තේ මය .

ප්‍රතිපත්ති ක්‍රියාවලියේ අවසාන අදියර වන්නේ ප්‍රතිපත්ති වලට පසු පෝෂණය ලබා දීමේ අවධියයි.

තමන් විසින් ක්‍රියාවට නංවන්නට යෙදුණු ප්‍රතිපත්තියෙන් තමන්ට අභිමත වූ තත්ත්වයන් සාක්ෂාත්කරණය කරගත හැකි වූවා ද යන්න විමසුමට බඳුන් කළ යුතු අතර ජනතාව අපහසුතාවයට පත්වී ඇත්නම් දිගින් දිගටම එකී ප්‍රතිපත්තිය තුළ එල්බ ගැනීමෙන් වැළකීමද කළ යුතු වේ. යම් හෙයකින් තමාගේ ප්‍රතිපත්තිය නිසා ජනතාව පරි පීඩනයට පත් වී ඇති බවක් වැටහේ නම් ස්වකීය ගමන් මාර්ගය වෙනස් කිරීමට කිරීමට ද ආණ්ඩුව මෙහිදී කටයුතු කළ යුතුය.විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව සම්බන්ධයෙන් පාලකයින්ට පුළුල් වගකීමක් පවතින අතර, තමන්ගේ ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සකස් කර ගැනීමට වුවත්ජනතාවගේ මනාප ලබා ගැනීමටසිදුවේ . එබැවින් ජනතා ගැටලු කෙරෙහිප්‍රබල අවධානයක් යොමු කිරීම දේශපාලනඥයා හරහා සිදු වීම අත්‍යවශ්‍ය වූවකි.

මෙකී සමස්ත පිළිබඳ අවධානය යොමු කරමින්දේශපාලඥයන් සඵලදායක ප්‍රතිපත්ති නිමැවුම් කිරීමට උත්සුක වන්නේ නම්රටේ අනාගතය සඵලදායිවනු නිසැකය .

Top