දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී... (690)

post-title

ජීවිතය කියන්නෙ හීන පස්සෙ දුවන එකට. ඒ හීන පස්සෙ දුවන ගමන එතරම් ලේසි පහසු නොවේ. මේ ගමන යන්නට අපට තව කෙනෙකුගෙ හව්හරණක් ලැබෙනව නම් එය ඇත්තට ම අපට ලොකු ශක්තියක්.

ජීවිත ගමනෙදී අපට සුන්දර වූ අත්දැකීම් මෙන් ම අදුරේ ගිලුණු කාල පරිච්ඡේද ද අත්විදීමට සිදු වේ. දරාගැනීමට නොහැකි තරම් දුකක් වේදනාවක් ඇති වූ විට කදුලු පිසලන්නට අප ළගින් අපගේ හදවත ස්පර්ශ කරනට සනසාලන්නට හැකි නම් ඒ සැබවින්ම අපට ළෙන්ගතු ආදරණීයයන් පමණි. දුක මෙන් ම සතුටද මුසු මේ ජීවිතය සෙවනැල්ල පවා අදුරෙදී අපව මගහැර යනවා සේ මිනිස්සුන් ද අපට දුක් දී හැරයන අවස්තා බහුලය. ඒත් ආද්‍යාත්මිකව පෙමින් බැදි අයෙක් කිසිදා එසේ අත් නොහරී.

"සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත් මා ගාවින් බැඳී

නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ළගටම වී

නුඹ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා

නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා.."

මේ ප්‍රේමවන්තයා ඇයට ගයන පෙම් වදන් නිසාවෙන් පෙම්වතියද ඇයට ආද්‍යාත්මිකව පෙම් කරයි. ඇය ඔහුගේ ගිනිගත් හදවත නිවාලන්නට හැගුම් එක් කරයි. සරල පද සංයෝජනයකින් හැඩ වූ මෙම ගීතය අව්‍යාජව ප්‍රේම කරන ප්‍රේමවන්තයන්ට ප්‍රේමවන්තියන්ට සියුම්ව ආදර හැගුමන් උද්දීපනය කිරීමට සමත්කම් පායි. සරල වචන කිහිපයකින් හදවතට ආමන්ත්‍රණය කරයි.

ප්‍රේමවන්තයා පෙම්වතියගෙන් ඉල්ලන්නෙ "දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යන්න. ඒ හැම මොහොතකම ළගින් ඔබ හිටියොතින් ඇතී කියා." මේ ප්‍රකාශයෙහි අර්ථය ඉතා ගැඹුරුය.

ජීවිතය කියන ගමනෙදි අපි අපේ හීන වලට අරමුණු වලට යනකොට හැම තැනදිම ඔහු ඇයව බලාපොරොත්තු වෙනවා. මෙය අපූරු කතාන්දරයක් වැනිය. මන්ද ඒ සරල අර්ථයෙන් ප්‍රකාශ වන්නේ මේ ප්‍රේමවන්තයා තම ජීවිත කාලය පුරාවට ජීවිතය විදීමට ගත කිරීමට තමන්ගේ ජීවිතයේ සෑම සාර්ථක අවස්තාවකම ඔහුගේ සෙවනැල්ල වගේ එහෙත් සෙවනැල්ලටත් වඩා ලගින් ආදරයෙන් ඇය ඔහුගෙ ලගින් සිටියි කියා.

මේ ප්‍රේම කතාන්දරයෙදිත් ඔවුනගේ ජීවිතයේ සමහර තැන් වලදී ඇතිවුන ගැටුම් නිසා මෙම ප්‍රේම යුවලට දුක්කම්කටොලු වලට මුහුණ දෙන්නට සිදුවුන අවස්තාද නැතුවාම නොවේ .ඒ ගැන මතකයටත් නැගෙන විට තරුණයාට නොදැනීම කදුළු නැගෙන්නේ ඔහුගේ හදවත එතරම් රිදුම් දෙන්නට වූ නිසා.එකිනෙකාගේ දුක සතුට ලග කදුළු සලනා පෙම්වතුන් හා පෙම්වතියන් හමු වන්නේ සංසාරික හමුවීම් වලින්. වර්තමානයේ බිහි වූ මෙම ගීතය ඉතා ජනප්‍රියත්වයට පත් වූයේ එහි ඇති ව්‍යංගය තරුණ සිත් වලට තදින්ම කිදාබැසි නිසාවෙන්.

තමන්ගෙ අඩුපාඩුකම් දැකලා ඒවා එකින් එක හරිම ලෙන්ගතුකමින් කියා දී ඔබව රැක ගන්නා ආදරය භාර ගැනීමට දෙවරක් නොසිතන්න.තවද ඔබ ඔබම ලෙස දකින්නට කැමති අය ලග නතර වන්න.සැබෑ ආදරය නම් එයයි.ඉඩෝරයට හුරු කරනවා සේම ඉඩෝරයෙදි ලග ඉන්නා ආදරය සත්‍යක්.ඒ ඔවුන් තුල යටි අරමුණු විරහිතව ආදරයට ආදරය කරන හිතිපිත් ඇත්තවුන් සේ ක්‍රියාකරන නිසා. දවසක ඔබේ හීන පස්සෙ ඔබත් එක්ක දුවන්න කැමති ආදරය ලග නතර වෙන්න.ඒ හැම හීනෙකදිම තනි නොකරන ආදරයක් ලැබීම සෑම ප්‍රේමවන්තයකුගෙ මෙන්ම ප්‍රේමවන්තියකගෙ ද සිහිනයකි.

දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී.

ඒ හැම මොහොතෙ ලගින් ඔබ හිටියොතින් ඇති...'

Top