යශෝධරාව, අද්‍යතනය සහ කාන්තාව (664)

post-title

සැබවින්ම ඇය කාන්තා නාමයට උතුම් නම් දැරූ ස්ත්‍රියයි. කාන්තාවක් යශෝධරාවක වීමට පෙර යශෝධරාවගේ භූමිකාව හරිහැටි අවබෝධය කරගෙන සිටීම වැදගත් ය. සැබවින්ම ලෝකය බිහි කරන්නිය ලෝකය මවන්නිය නම් ලද සොබාදහමේ ලයාන්විත නිපැයුම කාන්තාවයි. ඇය ජීවයේ මවයි. කුඩා කල සිටම පවුලේ රැකවරණය යටතේ හැදී වැඩෙන කාන්තාව ළමාවිය, නව යෞවනිය, තරුණිය , යෙහෙළිය , සොහොයුරිය , මිත්තනිය යන සමාජ භූමිකා ඔස්සේ විවිධ අවධීන් පසුකර වැඩෙන්නියකි. කාන්තාවක් විවාහපත් වීම නම් තවත් වගකීම් සමුදායකට ස්වභාවයෙන්ම බැදෙන්නියක් වීම ය. තම ස්වාමියා ආදරයෙන් සෙනෙහසින් පෝෂණය කිරීම ඇය සතු ප්‍රධාන කාර්‍යයි.

සිදුහත් සමයේ හමුවන යශෝධරාව සිදුහත් කුමරු ගිහිගෙය නික්ම යාමට පෙර ආත්මභාවයන්හිදී ම පවා තම ස්වාමියාගේ දියුණුව උදෙසා ආද්‍යාත්මයෙන් ම කැපවූ වීර්‍ය වනිතාවකි. එවන් යශෝධරාවට සමකල හැකි කාන්තාවක් අද ලෝකයේද නැතුවා ම නොවේ. එය අපට නොපෙනෙන්නේ කාලානුරූපිව සාම්ප්‍රදායික කාන්තාව ගිලිහී ගොස් වර්තමානයට ඔබින කාන්තාව නිර්මාණය වී ඇති නිසාවෙනි. එහෙත් කාලයට අනුව යශෝධරාව නම් අද්‍යතනයෙත් සැගවී ඇත.

සැබෑ යශෝධරාව ප්‍රේමවන්තියක් වීමෙදී ඇය තම ප්‍රේමය වෙනුවෙන් කැප වන්නේ ආද්‍යාත්මිකව ය. අසීමාන්තිකව වූ ආදරය, සොයාබැලීම, අවදානය , ඉවසීම , කෝප ගැනීම හඩාවැලපීම , සමාවදීම යන සියල්ල තම සිතින් විද දරාගෙන අනෙකාගෙ සතුට වෙනුවෙන් තමාගේ කදුලු සගවන ගැහැනියකි ඇය. ඇතැම් අවස්තාවල පිරිමියාට එය හිසරදයකි. එහෙත් කාන්තාව සැබවින් ආදරය යන භූමිකාවෙහිදී ළදැරියක් මෙනි. ලාමකය. ඇයව තේරුම් ගත් පිරිමියා සතු වටිනා ම සම්පත ඒ ගැහැනිය වනු ඇත. 

වර්තමානයේ තම උත්තරීතර ප්‍රේමය වෙනුවෙන් තරුණියන්ට කදුලු සැලීමට පවා තහංචි වැටී ඇත. හඩා වැලපීම සමජයේ අද වන විට සමච්චලයට ලක්වී හමාරය. කණගාටුව නම් උත්තරීතර ප්‍රේමය අද විහිලුවකට ලක් කරන තරුණ පිරිස් සමාජය වනසති. ඉතින් කොහිද යශෝධරාවන් බිහි වීමට මං.... කාන්තාවකගේ හැගීම තේරුම් ගැනීම එතරම් ලෙහෙසි කාර්‍යක් නොවේ.මන්ද ඇය බොහෝ විට අනෙකා වෙනිවෙන් කැප වන්නියකි. අතීතයේ සිටම බෞද්ධ ගැමි සමාජයේ කාන්තාවන් අතර පරමාදර්ශී චරිතය වූයේ යශෝධරාවයි. වර්තමානයේ යශෝධරාවගේ ස්වරූපය හා සංස්කෘතික වපසරිය පමණක් වෙනස් වී ඇත. තවමත් කුලවත් යශෝධරාවන් මේ ලොව ඇත. අවැසි වන්නේ එවන් යශෝධරාවට සුදුසු සමාජ ගෞරවය ලබා දීමය. කාන්තාව නම් භූමිකාවට සමාජය තුල නිසි ඇගයීම ලැබීම අල්පය. නිසි ඇගයීම හා නිසි රැකවරණය කාන්තාවට ලබා දීම නම් මේ විශ්වයේ පැවැත්මද ඒහා සමානව එවිට සුරැකේ. නැතිනම් නොබෝ දිනක මේ විශ්වයේ හුස්ම නවතිනු නිසැකය.

Top