තරුණ ජීවිත බිලිගන්නා යක්ශයාගේ පුත්තු (644)

post-title

මත් ද්‍රව්‍ය හා ඇබ්බැහිවීම ගැන මේ දවස්වල නිතර කතාවෙනවා. ඉන්දියාවේ ජනප්‍රිය තරුවකගේ වැඩිමහල් පුතා මත්ද්‍රව්‍ය සහිත සාදයකදී අත්තඩංගුවට ගැනීම තමයි මේ ගැන කතාකරන්න හේතුවුණු ආසන්නම සිදුවීම වෙන්නේ. අපි දන්න විදියට ලෝකේ දරුණුම මත්ද්‍රව්‍ය වෙන්නේ හෙරොයින් එහෙමත් නැත්නම් කුඩු වුණත් ඒවාට වඩා දරුණු, ඇබ්බැහිවීම් අතින් වඩාත් ඉදිරියෙන් ඉන්න, ඒ වගේම ඉක්මනින් දරුණු ප්‍රථිපල අත්කරන තවත් මත්ද්‍රව්‍ය ගණනාවක් තිබෙනවා. අද මේ කියන්න යන්නේ ඒ ගැනයි. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේවායේ තියෙන භයානක බව ඔබට පහදලා දෙන්නයි. හොද අවබෝධයෙන් යුතුව ඉන්නවා නම් මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය මාෆියාවෙන් ගැලවිලා සාමකාමී ජීවිතයක් ගෙවන්න ඔබටත් පුලුවන්.

ක්‍රොකඩිල්

නම ඇහෙනකොටම මතක් වුනේ කිබුලෙක් නේද? ඔව් මේ මත්ද්‍රව්‍ය කාලයක් ගන්නකොට ඒ කියන්නේ සතියක් දෙකක් යනකොට සම දිරන්න ගන්නවා. තැනින් තැන ගැට මතුවෙලා විරූපිවෙනවා. ගූගල් එකට ගිහින් නම ගහලා බැලුවොත් ක්‍රොකඩිල් වල භයානක බව ඔබටම අවබෝධ කරගන්න පුලුවන්. මෙයාගේ පෙලපත් නාමය වෙන්නේ Desomorphine. තව එක එක නම් තියෙනවා. හැබයි ජනප්‍රිය වෙන්නේ ක්‍රොකඩිල් කියන නමින්. ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙනවා වගේම ඉතාම ඉක්මනින් මාරාන්තික ප්‍රථිපලත් ලැබෙනවා. මේ ඩ්‍රග් එකේ අඩංගු දේවල් ගැන මම ලියන්නේ නෑ. මොකද ඒක පනින රිලවුන්ට ඉනිමන් බැදීමක් වෙන්න පුලුවන්. 

කොකේන්

කොකේන් කියන්නේ කොකා ශාකයෙන් ගන්නා අතුරුපලයක්. මේ මත්ද්‍රව්‍ය වල වේදනා නාශක බෙහෙත් වර්ග අඩංගු වෙනවා. එයට අමතරව ශරීරයට අහිතකර භයානක විස වර්ග වගේම පැට්‍රල් පවා අඩ්ංගුවෙන බවට තොරතුරු අන්තර්ජාලයෙන් බලාගන්න පුලුවන්. කොකේන් කියන්නේ ඉක්මනින් ඇබ්බැහි වෙන මත්ද්‍රව්‍යයක්. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය වැඩියෙන් ගොදුරු කරගන්නේ ධනපති සමාජය නියෝජනය කරන දුවා දරුවන්. මොකද මේ මත් ද්‍රව්‍ය මිලෙන් වැඩියි.

බාත් සෝල්ට්

මේක නම් ඇත්තටම මත්ද්‍රව්‍යයක් නෙවෙයි පිරිසිදුකාරකයක්. හැබැයි මේකට ඇබ්බැහිවුණොත් එයාලා සොම්බි හැසිරීම් පෙන්වනවා කියලා අහන්න ලැබෙනවා. මෙය ඉතාම ලේසියෙන් නිපදවන්න පුලුවන් නිසා මිලෙන් අඩුයි කියලයි කියන්නේ. හෘදයට හා වකුගඩුවලට ඉක්මනින් හානිකරන නිසා ජීවිතයටත් හානියක් වෙන්න පුලුවන්. 

අයිස්

අයිස් පසුගිය කාලේ ලංකාවෙනුත් අහන්න ලැබුනා. මේකත් තරුණ පරපුර ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය මාෆියාවේ තවත් එක ඇමක්. ඉක්මනින් ඇබ්බැහි වෙනවා වගේම නින්ද අහිමි කරන්නත් මේ මත්ද්‍රව්‍යට පුලුවන්. ස්නායු පද්ධතිය සතියක් තුළ අකර්මණ්‍ය කරනවා විතරක් නෙවෙයි මරණයත් ඉක්මන් කරනවා. 

ෆ්ලැකා

ලෝකයේ ඉතාම දරුණු මත්ද්‍රව්‍යයක් වෙන මෙය දරුණුකම අතින් වඩාත් ලංවෙන්නේ ක්‍රොකඩිල් වලට. ඉතාම දරුණු හැසීරීම් රටාවක් ඇතිවීම හා ඉක්මනින් මත්වීම සිදුවනවා කියලා දැනට හදුනාගෙන තිබෙනවා. කොහොම වුණත් ලස්සන රූපයක් විරූපි කරලා දාලා විකෘති කරන්න මෙයාට යන්නේ සතියක කාලයක් විතරයි. 

මේ වගේ තවත් මත්ද්‍රව්‍ය වර්ග රාශියක් ලෝකේ තියෙනවා. ඒ සියල්ලෙන්ම කරන්නෙත් කාගේ හරි ජීවිතයක් විනාශ කරන එක තමයි. මත්ද්‍රව්‍ය මාෆියාවේ සෘජු ඉලක්කය වෙන්නේ රටේ ඉන්න තරුණ ප්‍රජාව බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. සතුටින් ඉන්න මීට වඩා ලාබදායි පහසු ක්‍රම හුගක් තියෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය ජීවිතයට ලංකර නොගන්න තරමට ඔබට සතුටින් ජීවත් වෙන්න පුලුවන්. 

Top