දරුවන් ඔටිසම් වීම කල්තියා හදුනා ගැනිමු (630)

post-title

කාන්තාවක් ගර්භණීබාවයට පත්වූ අවදියේ සිට ම තම කුස තුළ වැඩෙන දරුවාගේ වැඩීම මෙන්ම පෝෂ්‍ය වර්ධනය මානසික වර්ධනය මානසික වාතාවරණය පිළිබඳව අවදානයෙන් සිටිය යුතුය. එමෙන්ම තම දරුවා ඔටිසම් රෝගයට ගොදුරු නොවීමට වගබලා ගත යුතුය. එසේ නම් ඒ සඳහා නිවැරැදිව ඔටිසම් රෝගය පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත්.

ඔටිසම් රෝගය යනු ස්නායු වර්ධනය වීමේ දුර්වලතාවයක් හේතුකොටගෙන ඇතිවන රෝගි තත්වයක් ය. ඔටිසම් රෝගී තත්ත්වය හඳුනා ගැනීමට පහසු ම අවදිය වනුයේ දරුවා බහතෝරන අවදිය ය. මුලුගැන්වුනු ස්වභාවය , සමාජය අතරට නොයාම , අදහස් හුවමාරුවට කතාබහට යොමු නොවීම, එකම ක්‍රියාවක වරින් වර නිරතවීම, අනෙක් දරුවන්ට සාපේක්ෂව අසාමාන්‍ය හුරුපුරුදු චර්‍යා රටාවන්වල නියැලීම, මුරණ්ඩු ස්වභාවය , ක්ෂණික කෝපය, මුහුණේ හැගීම් ප්‍රකාශය අවම වීම, තනිව සෙල්ලම් කිරීමට ප්‍රිය කිරීම, කතන ස්වරූපය හා ස්වභාවයේ අසාමාන්‍යතා, ඇතැම්විට රොබෝ හඩක් , විකෘති හඩක් හෝ හාස්‍යජනක හඩක් ලෙස හඩ මෙහෙයවීම, අනෙකාව තේරුම් ගැනීමට නොහැකි වීම යනාදිය මෙම ඔටිසම් රෝගී තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණ අතර වේ. මෙම ලක්ෂණ සියල්ලම හෝ කිහිපයක්ද පෙන්නුම් කරන අවස්තා තිබේ. මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන සෘජු හේතු සාධක නම් කිරීමට අපහසු උවත් ජානමය, පාරිසරික හා සමාජමය වශයෙන් ඇතිවන බලපෑම් නිසා මෙම රෝගී තත්ත්වයන් තීව්‍රවීමට බලපානු ලැබේ. 

ගර්භණී අවදියේ සිටම ඇතිවන හේතු සාධක දරුවාගේ වැඩීමට සෘජුවම සම්බන්ධවේ. එමනිසා මෙම රෝගී තත්වය දරුවාගේ අනාගතය කෙරෙහිද සෘජුවම බලපානු ලබයි. ඔටිසම් සහිත දරුවන්ගෙන් කොටසක් සාමාන්‍ය සිතීමේ හැකියාවෙන් ඔබ්බට ගොස් අධ්‍යාපනය හදාරමින් සංගීතය , නර්තනය සෞන්දර්‍යාත්මක ක්ෂේත්‍රයන්වල ඉහළ නිපුණතාවයන් ලබාගෙන ඇත. ඉන් තවත් කොටසක් සාමාන්‍ය ජීවිතයකට පවුල හා හුරුවන අතර බොහෝවිට සමාජයෙන් මිදී මුලු ගැන්වුනු ස්වභාවයෙන් හුදෙකලා වීම දීර්ඝ කාලීනව පිහිටීම දක්නට ලබේ. එහිදී දරුනු ලෙස රෝගයට ගොදුරු වූවන් කතනය කිරීම වැනි ක්‍රියාවෙන් සම්පූර්ණයෙන් මිදී යන අවස්ථා ද වාර්තා වේ. පවුලේ සාමාජිකයන් හැරුනුවිට කාලයත් සමග තනිව ජීවත් වීමට ත් ස්වාධීනව ජීවත් වීමට අපහසු වීමද වර්ධනය වීමේ හැකියාවක් පවතී.

මෙම හේතුන් නිසා ඔටිසම් රෝගී තත්වය කල් තියා හදුනා ගැනීම වැදගත් ය. වෛද්‍ය විද්‍යාවට අනුව මෙයට නිට්ටාවට ම සුව කළ හැකි නිශ්චිත ප්‍රතිකාර ක්‍රමවේදයක් තවම සොයාගෙන නැත. එම නිසා විශේෂඥ වෛද්‍යවරුන් , මානසික රෝග සම්බන්ධ වෛද්‍යවරුන් පවසන්නේ මෙම රෝගී ලක්ෂණ පෙර තියා ම දරුවාගේ භාරකරුවන් හදුනාගැනීම කෙරෙහි වඩා අවධානය යොමුකළ යුතු බව ය.

ඒ වගේම ඔටිසම් දරුවන් සදහා විශේෂිත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන අතර මුල් කාලයේදිම රෝගය හදුනාගෙන ඔටිසම් තත්ත්වය තිව්‍ර නොවීමට වගබලා ගත හැක. වෛද්‍ය පුහුණුවීම්වල නිරත වෙමින් දරුවාගේ පවුල් පරිසරය ද ආදරය, සෙනෙහසින් යුතුව ක්‍රියාකර දරුවාව මෙම රෝගී තත්වයෙන් මුදවාලීමට යම්තාක් දුරට හෝ සහනයක් ගෙනදෙන බව වෛද්‍ය මතයක්. දරුවා සමග නිතර කතාකිරීම, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නියැලීම ,සංගීතය වැනි සෞන්දර්‍යාත්මක පැතිකඩවලට දරුවාගේ මනස යොමු කිරීම වැනි ක්‍රියාමාර්ග ද ඔටිසම් තීව්‍රවීම වලකාලීමට ප්‍රයෝජන වේ. මානසික සුවය ,ආදරය ,සෙනෙහස තුළින් දරුවාව පෝෂණය කිරීම කෙරෙහි දෙමාපියන්ගේ අවධානය යොමුවිය යුතු වීම තවත් කරුණකි . සියයට සියයක් සුව නොවුවත් බාධාවක් හිරිහැරයක්, ජීවිත හානියක් නොමැතිව දරුවාට සුවසේ ජීවත්වීමේ පරිසරය එවිට නිර්මාණය වෙති.

Top