ආගමික සමානාත්මතා නිදහස වල් නොවදිනු පිණිස (615)

post-title

මානුෂීය ජීවිතය අපට ප්‍රධාන අංග දෙකක් යටතේ වෙනකල හැක. ඒ ලෞකික ජීවිතය හා අධ්‍යාත්මික ජීවිතය ලෙසය. එහි භෞතික ජීවිතය වනුයේ යාන වාහන ගේදොර ඉඩකඩම් ය. මනුෂ්‍යයා තුළ සංතුශ්ටියෙහි පිහිට වන්නා වූ තත්වය වනුයේ ඇදහීම් හා විශ්වාසය වැනි චේතනිකව නතුවන ක්‍රියාවන් අභෞතික ජීවිතය අයත්ය. මේ දෙකෙහිම යහපත අයහපත තීරණය කරන මූලබීජය ආගම ය. ආගමක් යනු ඇදහීමක් යන්න ය. මානුෂීය ජීවන රටාව සකස් කරලීමට පවත්වාගෙන යාමට ඇතිකර ගත් හර පද්ධතිය ලෙසද ආගම හැදින්විය හැකි ය. එනම් මානුෂ ජීවන ක්‍රියාවලියට ඇතුලත් වූ ආගම මිනිසාගේ දෛනික ජීවිතය පාලනයේ බලවේගයක් වැනිය.

එහිදී මනුෂ්‍යයාගේ අවට ලෝකය පිළිබඳ තේරුම් ගැනීමටත් තම ජීවිතයට යම් සුරක්ෂිතබාවයක් ලඟාකර ගැනීමටත් ආගමක් ඇදහීම දැරීම නොපෙනෙන පරමාර්ථයක් ය. ආගමක් පැවතීමට නම් ඒ හා බැඳුන සංස්කෘතිය බලපායි. එනම් ආගමට ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇති බවත් ආගම යනු හුදෙකලා සංදර්භයක් නොවන බවත් පැහැදිලි වේ. ආගම යනු මිනිසාගේ මූලික අවදානය යොමුකල සමාජ හර පදාර්තයේ ක්‍රියාකරුවෙක් ය.

මෙලෙස සමාජීය මානුෂ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ ආගම ය. මෙම සංකල්පයත් සමග ම වර්ධනය වන සංකල්පය වන්නේ විශ්වාසය ය. එයටද පුද්ගල සංදර්භය , සංස්කෘතිය බලපායි. විශ්වාසය ගොඩ නැගෙන්නේ මිනිස් ගති තුලින් ය. මනුෂ්‍යයා අවට යතාර්ථය ගොඩනැගීමට විශ්වාසය බලපාති. එය යහපත් සිතුවිලි වලින් ගොඩ නැගෙන්නකි. යම් සමාජයක් ඇතුළත ජීවත් වන මනුෂ්‍යයා තුළ මෙම ආගම් හා විශ්වාසය වැනි සංකල්පීය අවශ්‍යතාව දැඩි ලෙස මතු වන්නට විය. කාලානුරූපිව එහි අරගල පැන නගිමින් මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්ති යේ 1948 හි 18 වන වගන්තියට අනුව පුද්ගලයාට තමන් කැමති ආගමක් හෝ විශ්වාසයක් දැරීමට ඇති අයිතිය සම්මත පනතක් බවට නීතිමය වශයෙන් ස්ථාපිතව ඇත.

මෙතැන් සිට ලෝකය පුරා ආගම් හා විශ්වාස දැරීම මාතෘකා කොටගෙන සමාජ විපර්‍යාස පෙරලීන් සිදුවිය. ඕනෑම පුද්ගලයකුට ආගමක් විශ්වාසයක් දැරීමට නිදහස ඇත. නමුත් සමාජයෙන් සමාජයට, ගමෙන් ගමට , පුද්ගලයාගෙන් පුද්ගලයාට ජාතියෙන් ජාතියට එය වෙනස් ය. එහිදී මෙම නිදහස අයුතු ලෙස විඳීමට ගියහොත් අපට ඇබෙන ප්‍රතිපල ඉතා අහිතකරය. ආගම වශයෙන් ලාංකීය සමාජය ගත්විට එක් ආගමකට සීමාවී නොමැත. අප ජනයා තුළ සියලු ආගම්වලට ගරුකරන හා සිය ආගම නිදහස්ව දැරීමේ අයිතිය භුක්ති විදීම දක්නට ලැබෙයි.

ආගමක් හා විශ්වාසයක් දැරීමට ඇති නිදහස ඒ සදහා පුද්ගලයාව හුරු කිරීමට, සමාවදීම, ඉවසීම, විශ්වාසය යනාදී මානුෂීය ගුණාංග වලට සෘජුවම බලපායි. නිදසුන් මගින් එය සංසන්දනාත්මක විග්‍රහ කිරීමේදී හින්දු ආගමේ එළුවන් යොදාගෙන බිලි පූජා කරනු ලබන අතර ඉස්ලාම් ආගමේ එය ආගමික චාරිත්‍රයක් ලෙස ළමුන් ඉපදීමෙදී සිදුකරයි. අනෙක් කාරණය නම් ගවයා හින්දු ආගමේ දෙවියෙක් ලෙස ගරුකරන අතර ඉස්ලාම් ආගමේ ගවඝාතනය දැඩි ලෙස සිදු කරයි. මේ සියලු සත්ව හිංසනයන් හෙලා දකින්නකි බෞද්ධ ආගම. මේ ආකාරයට විවිධ ආගම් ජාති සැසදීමෙදී එකිනෙකාගේ නිදහස අනුව ඔවුන් මෙලෙස ක්‍රියා කරති. එහෙත් සත්ව හිංසනය ඉවසා බලාසිටිය නොහැකි සමාව දිය නොහැකි දෙයක් ය. එබැවින් ගත්කළ අප සෑම විටම අනෙකාට හිරිහැරයක් පීඩාවක් නොදී තම ආගම් විශ්වාස දැරීමට වගබලා ගතයුතුය.

තවත් නිදසුන් ලෙස තායිලන්තය සිංගප්පූරුව වැනි රටවල පවත්නා සමාජීය සංස්කෘතික ක්‍රියාදාමයන් අනුව ගණිකා වෘත්තිය යන්න එම රටවල ආර්ථික සංවර්ධනය සංචාරක කර්මාන්තය දියුණුවට මුල් වූ ස්ථාපිත රැකියා ක්ෂේත්‍රයක් ය. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල පවත්නා ආගමික සමාජීය සංස්කෘත බලපෑම් අනුව එය නීති විරෝදී ක්‍රියවක් ය. මෙමගින් පැහැදිලි වනුයේ එම විශ්වස දැරීමට ඇති නිදහස ය. එය රටවල් වශයෙන් සංස්කෘතික හෝ ආසියාතික කලාප වශයෙන් වුවද වෙනස්ව පැවත එන්නකි. එනම් අප සෑමවිට ආගමක් හා විශ්වාසයක් දැරීමෙදී අන්‍යාගමිකයන්‍ට හානියක් නොවිය යුතුය. බුද්ධ දර්ශනය අනුව අන්‍යාගමිකයන්‍ට ගරු කිරීම සඳහා හිංසනය, කාමයෙහි වරදවා හැසිරීම වැනි කාරණාවන් පිළිගන්න යැයි නොපැවසෙයි. එහෙත් තවත් ආගමක එය සාමාන්‍ය පැවැත්මක් ය.

තවත් ගෝලීය ගැටුමට ලක්වන අවස්තාවක් ලෙස ඉස්ලාම් ආගමික බලපෑම හඳුනාගත හැකි ය. එහිදී සුන්නි - ෂියා වැනි ආගමික කල්ලි වලින් ෂියා වැනි සංවිධානවල එන මතවාද දැරීම් අනෙක් ආගම්වලට දරුණු බලපෑමක් එල්ල වී ඇත. එහිදී ෂියා ආගම ඉස්ලාම් භක්තිකයන්ටද විරුද්ධව වෙනත් ආරකින් පැවත එන්නකි. ඔවුන් සැමවිටම අරමුණු කරනුයේ මුළු ලෝකයට ම ෂියා ආගම ව්‍යප්ත කිරීමය. ඒ සදහා ඔවුන් යුද වදිමින් මිනිසුන් සාහසික ලෙස පීඩාවට පත් කර මරාදමා තම ආගමික බලය තහවුරු කරන්නට වෑයම් කරයි. ඔවුන් අන්‍යාගමිකයන් මරණයට පත් කිරීම ෂියා ආගමට අනුව එම ආගමේ ස්වර්ගයට යාමට ලද වරමක් ලෙස විශ්වාසය ක‍රයි. මියන්මාරයේ රෝහින්‍යා , මැලේසියාවේ සකීර්නයා වැනි අන්තවාදීන් මෙන් ම අයි එස් අයි එස් සංවිධානයේ අන්තවාදී මත දරන්නන් ද ආගම් ද එවැනි ආකාරයේ අන්‍යාගමික පුද්ගලයන්ට බලපෑමක් වී ඇත. එවැනි මත දරන්නන්ට සමාව දිය නොහැක. ඔවුනගේ විනාශකාරී ක්‍රියා ඉවසියද නොහැක.

මේ ආකාරයට ආගමක් හෝ විශ්වාසයක් දැරීමට ඇති නිදහස හේතුවෙන් අද ලෝකයේ විවිධ සමාජීය අර්බුද ඇති වී තිබෙයි. මෙවැනි විනාශකාරී මත අනෙක් ආගම්වල පුද්ගලයින්ට හිරිහැරයක් වීම තුලින් එම පුද්ගලයන්ගේ මානසික නිදහස, ආගමික නිදහස ගිලිහී ගොස් ඇත. ඒ තුලින් මිනිස් මානුෂීය ගුණාංග ඈත් වී ඇත. ඉවසීම සමාවදීම, විශ්වාසය යන්න නිදහසට හානිගෙන දෙන්නක් වී ඇත. එම නිසා තමාගේ නිදහස භුක්ති විදීම අනෙකාගේ ජීවිතයට හානියක් නොවීමට වගබලා ගැනීම කාලීන සමාජ අවශ්‍යතාවක් වී ඇත. එවිට සියල්ලන්ටම ආගමක් හා විශ්වාසයක් දැරීමට ඇති නිදහස සමසේ උදාවේ. ලෝක සම්මුති වලින් බලාපොරොත්තු වනුයේද මෙම සාමූහිකත්වය යි. එවිට නිරායාසයෙන්ම පුද්ගල මානුෂීය ගුණාංගද වර්ධනය වේ. නිදහස් ආගමක් තුලින් නිදහස් ආකල්ප ගොඩ නැගේ.

Top