ඔබත් පෞරුෂත්ව අක්‍රමතා ගැන දැනුවත් ද?

post-title

අප සමාජයේ බොහොමයක් දෙනා අතර අඩු වැඩි වශයෙන් පවතින පෞරුෂත්ව අක්‍රමතා පිළිබඳ කතා බහ කිරීමේදී, මේ සම්බන්ධව නිවැරදිව වෙන්කර හදුනා ගැනීමේ ඌනතාවයක් පවති. මෙකී ඌනතාවය පූර්ණ කරලීමට බිහි වූ සංගමයක් ලෙස අමෙරිකානු මනෝවිද්‍යා සංගමය පෙන්වාදිය හැකිය. ඹවුන් ඉදිරිපත් කරනු ලබන මානසික රෝග විනිශ්චය හා සංඛ්‍යාදත්ත D.S.M (v) වාර්තා අනුව පොදුවේ පිළිගත් පෞරුෂ අක්‍රමතා වර්ගීකරණයක් පවති. මෙහිදි මෙකී පෞරුෂත්ව අක්‍රමතාවන්ගෙන් පසුවන පුද්ගලයන්ගේ චිත්තවේගයන් සහ ඒ ආශ්‍රිත චර්යාත්මක වෙනස්වීම් පිළිබඳ සාකච්ඡා කරනු ලබයි.

A - අමුතු හෝ විකාර චර්යා ^odd or eccentric behavior&

(1.) සැක සහගත පෞරුෂ අක්‍රමතාව

මෙම පෞරුෂ අක්‍රමතාවයෙහි විශේෂත්වය වන්නේ දිගුකල් පවතින අධික සැකයයි. මෙවැනි පුද්ගලයින් තුළ නිතර අවිස්වාසයක් පවති. මෙවැනි පුද්ගලයන් තම හිත මිතුරන්,ගුරුවරුන්,දෙමාපියන් නිතර නිතර සැක කරයි. තමාගේ වැරදි තේරුම් ගැනීමට අපහසුය. විවේචන වලට අතිශය සංවේදී වේ. තමගේ ජිවිතයේ යම් වරදක් සිදුවූ විට, අනෙක් අයට දොස් පවරයි.

(2.) භින්න පෞරුෂ අක්‍රමතාව ^ Schizord personality disorder &

මෙම අක්‍රමතාවෙහි විශේෂ ලක්‍ෂණයක් වන්නේ සමාජ සම්බන්ධතා වලින් වැලකීමයි. සීමීත චිත්තවේග ප්‍රකාශ කිරීමක් දැකිය හැකිය. මෙම අක්‍රමතාවයෙන් පෙළෙන පුද්ගලයින් වෙනත් පුද්ගලයින් සමඟ බැඳිමක් නොමැත. දළ වශයෙන් තමා කෙරෙහි පමණක් අවදානමක් යොමුකරයි. උදාසීන පැවතුම් පෙන්නුම් කරයි. හාස්‍යයෙන් තොරය.

 (3.) භින්නොන්මාද පෞරුෂ අක්‍රමතාව ^Schizotypal personality disorder&

 භින්නොන්මාදය වර්ගිය පෞරුෂ අක්‍රමාතාව D.S.M (v) හි දක්වා ඇත්තේ භින්නෝනමාද යටතට වැටෙන අක්‍රමතාව ලෙසය. මොවුන් මායා සහ භ්‍රාන්ති දකි. අවදානය නාභිගත කිරීම අපහසුය. දෙවියන් ගැන අධික වශයෙන් සඳහන් කිරීම සිදු කරයි. අන්තර් පුද්ගල සම්බන්ධතා ගැටලු රාශියක් පවති. සමීප සමබන්ධතා පැවත්වීමේදි අපහසුවක් දැනේ, විකාර රූපී චින්තනයක් පවති. විකාර චර්යාවන් ද ප්‍රදර්ශනය කරයි. සමාජ පසුබැමක් පවති. හුදකලාව සිටීමට කැමතිය.

B - රංගනශීලී චිත්තවේගාත්මක හෝ ව්‍යපිචාරි චර්යා (නොමඟ යාම)

(1.) සමාජ විරෝධි පෞරුෂ අක්‍රමතාව

සමාජ විරෝධි පෞරුෂ අක්‍රමතාව සහිත පුද්ගලයා සෑම විටම අනික් අයගේ අයිතිවාසිකම් පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි. අනිත් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරයි. බොහෝවිට මෙම තත්වය නව යොවුන් වියේ පුද්ගලයන් තුළ බහුලව දැකිය හැකිය. නිතර නිතර බොරු කියයි. අපරික්‍ෂාකාරී චර්යාවන්හි නිරත වේ. ඇතැම්විට ආක්‍රමණශීලිත්වය, ප්‍රචණ්ඩත්වය, ප්‍රදර්ශනය කරමින් හැසිරේ.

(2.) සීමස්ථ පෞරුෂ අක්‍රමතාව

මෙම පෞරුෂ අක්‍රමතාව සහිත පුද්ගලයින් අස්ථායි ස්වයං ප්‍රතිරූප චර්යාවක් පවති. අන්තර් පුද්ගල සම්බන්ධතා ද අස්ථායි වේ. ද්වේශයකින් කටයුතු කරයි. ඒ නිසා ආක්‍රමණශීලිත්වය හා ප්‍රචණ්ඩත්වය ඉස්මතු වේ. මේ ගති ලක්‍ෂණ ඇති පුද්ගලයින් තමන්ට පීඩා කර ගනි. ස්වයං විනාශකාරි චර්යාවන්ට සඳහා යොමු වීමේ ඉඩ ප්‍රස්ථාව බෙහෙවින් වැඩි වේ.

(3.) මායාත්මක පෞරුෂ අක්‍රමතාව

මෙවැනි පුද්ගලයින් අතිශයින්ම චිත්තවේගාත්මකය. සෑම විටම අවධානය සොයයි. සෑම විටම තමා දෙසට අවධානය ලැබෙන ලෙස හැසිරේ. ආත්ම කෙන්ද්‍රීය, ඇතැම් විට සියදිවි නසා ගැනීම් දැකිය හැකිය. මෙකී තත්වයෙන් අත් මිදීමට නම් සමානාත්මතාවය පිළිබඳ මනා අවබොධයක් ලබාදිය යුතු වේ.

(4.) නාසිස්ම පෞරුෂ අක්‍රමතාව

මෙම පෞරුෂ අක්‍රමතාව සහිත පුද්ගලයින් සෑම දෙයන්ම කැපි පෙනීමට උත්සහ කරයි. සෑම විටම තමා පිළිබඳ මහත් කොට සිතයි. ඉහළ අගය කිරීමක් අපේක්‍ෂා කරයි. වෙනත් අය කෙරෙහි සහකම්පනයක් නැත. සැමවිටම තම සාර්ථකත්වය, බලය ඒත්තු ගන්වන්නට කටයුතු කරයි. සෑම විටම තමා වටා සිටින අයගේ අවදානය හා අගය කිරීම අපේක්‍ෂා කරයි.

C - කාංසා හෝ භියජනක චර්යා 

(1.) පළායැමේ හෙවත් මඟ හැරීමේ පෞරුෂ අක්‍රමතාව

මෙම අක්‍රමතාව සහිත පුද්ගලයාට සමාජ අවස්ථාවල දැඩි අපහසුවක් දැනේ. සෑම විටම සමාජ අවස්ථා මඟ හැරීමට කටයුතු කරයි. හීන මානයක් පවති. සමීප යහළුවන් කිහිප දෙනෙක් සිටි. මෙම තත්වය සමාජ භීතිකාවට සමානය. සමාජය ඉදිරිපස තමා අවමානයට ලක්වේ යැයි සිතයි. පහළ ආත්ම අභිමානයෙක් පවති.

(2.) යැපීමේ පෞරුෂ අක්‍රමතාව

මෙම පෞරුෂ අක්‍රමතාව සහිත පුද්ගලයා වෙනත් කෙනෙකු මත යැපේ. වෙනත් කෙනෙකුගේ යැපීම අධික ලෙස අවශ්‍යය. තමාට රැකවරණය සපයන කෙනා මත සෑම විටම එල්ලි සිටි. කීකරුය. තමා ආදරය කෙනගෙන් වෙන්වේ දැයි දැනේ. තම ආදරය කරන අයගෙන් වෙන්ව කුඩා තීරණයක් ගත නොහැකි. හුදෙකලාවක් දුකක් පවති. එනම් විටෙක තමන්ගේ හොඳම යහළුවෙකු හෝ මව හෝ පියා මත යැපීම සිදු කරයි. කිසිවක් තනිව සිතා බලා කටයුතු නොකරයි.

(3.) ග්‍රස්තීය අනීවාර්යතා පෞරුෂත්ම අක්‍රමතාව

මෙම පෞරුෂ අක්‍රමතාව සහිත පුද්ගලයා සෑම විටම පරිපූර්ණතාවාදියෙක් ලෙස කටයුතු කරයි. තමාගේ කිසිදු අඩුපාඩුවක් නැතැයි සිතියි. සෑම දෙයක්ම පිළිවෙලකට සිදු කිරීමට උත්සහ කරයි.මොවුන් වැරදි සිදුවනවාට අකමැතිය. පිළිවෙලකට යම් කිසි බාධාවක්, වරදක් ඇති වුවහොත් මානසික ගැටළු ඇතිවේ. මෙම තත්වය විටෙක යහපත් තත්වයක් මෙන්ම අයහපත් තත්වයක්ද පවති.

මේ ආකාරයට සමස්තයක් වශයෙන් පුද්ගල පෞරුෂය ආශ්‍රිතව පැන නගින පෞරුෂත්ව අක්‍රමතා පිළිබඳව ඇමරිකානු මනෝවිද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්ණායකයන් ඹස්සේ පෙන්වා දිය හැකිය.මෙවැනි ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඹබ අප එදිනෙදා ඇසුරු කරනු ලබන පුද්ගලයන් තුළ දැක ගත හැකිය. එවැනි තත්වයන් තුළ ඹවුන් පහත් කොට සැලකීම හෝ, නොසලකා හැරීම සිදු නොකළ යුතුය .එනම් එවැනි පෞරුෂත්ව අක්‍රමතාවන්ගෙන් අත් මිදීමට අවශ්‍ය කටයුතු සිදූ කළ යුතු වේ. ඒ සඳහා මනෝවිද්‍යා උපදේශනය හා ඒ අශ්‍රිත ක්‍රම ශිල්පයන් භාවිතා කළ හැකිය. මෙම ක්‍රමවේදය තුළින් අපට සෞඛ්‍ය සම්පන්න සමබර පෞරුෂයක් සහිත පුද්ගලයන් සමාජගත කළ හැකි වේ.

Top