පරම්පරා ඝට්ටනය නිසා නැතිවෙන , නැගිටින තරුණ ජීවිත(602)

post-title

ඕනෑම කෙනෙකු මෙලොවට ඉපදුණු දා ඉදලා හොයන්නෙ මව් ඇකයෙ සෙනහස පිය තුරුලෙ උණුසුම. මෙලොවට උපදින ඕනෑම කෙනෙකුඉස්සරලම බැඳීම් හදාගන්නෙ තමන්ගෙ මව්පියන්, සහෝදරයන් එක්ක.හැබැයි අද ඉපදෙන දරුවා අවුරුදු දහ අට දහ නවය වගේ තේරෙන වයසට එනකොට ඒ දරුවා දශකයක් ගෙවල ඉවරයි. ඊට පස්සෙ තාරුණ්‍යයට පය තිබ්බම වගේම සමාජය,තාක්ෂණය ගැන අවබෝධය ලැබෙන කොට ඒ අයජීවිතේ ගත කරන්නෙ වර්තමාන කාලයට ගැලපෙන විදියට. ඒක දරුවන්ගෙ වරදක් නෙවෙ.තත්පරෙන් තත්පරේට මේ ලෝකෙ හැම දෙයක්ම වෙනස් වෙනවා.එක නිමේෂයකින් අලුත් තාක්ෂණයක් හොයාගන්නවා.ඒ සොයාගැනීම් සමාජයට මුදා හැරියාම තාරුණ්‍යය ඉක්මනට ඒවා වැළදගන්නවා.තොරතුරු පිපාසයෙන් ,දැනුම පිපාසයෙන් , මුදල් පිපාසයෙන් හඹායනලෝකයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ හින්දම දරුවන්ට උපත දුන් දෙමව්පියනුත් ඒ දෙමව්පියන්ට දාවඋපන් දරුවනුත් අතර පරම්පරා ඝට්ටනයක් ඇතිවෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නෙ දෙමව්පියන් සහ දරුවන් අතර ඇතිවන උගත් නූගත් පරතරය.

21 වන සියවසේ අද වෙන විට කොරෝනත් එක්ක නිර්මාණය වෙලා තියෙන්නෙ තාක්ෂණයෙන්ම ජීවිත ගෙනියන යුගයක්. නමුත් තාක්ෂණය පිළිබඳ එතරම් දැනුමක් නැති දෙමාපියන් තාක්ෂණය දකින්නෙජීවිත කාලකණ්ණි කරන මාරයෙක් විදියට.නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කරනවානම් අදවිශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් දවස පුරාවටදේශන වලට සහභාගි වෙන්නෙ ජංගම දුරකථන යෙන් නැත්නම් laptop එකෙන් . ඉතින් දවස තිස්සෙම මෙවැනි තාක්ෂණික මෙවලම් එක්ක ගනුදෙනු කරනකොට ඇතැම් දෙමව්පියන් එය දකින්නෙ කාලය කා දැමීමක් විදියට. Headset කණේ ගසන් academic කණ්ඩායම් ක්‍රියාකාරකම් වල අනෙක් අය සමගින් කතා කරමින් නියැලෙන විට ඇතැම් තරුණියන්ගේ ගෙවල්වල පිය පාර්ශවය ඒ පිළිබඳ සැක කරනු ලබන්නෙ පෙම්බස් දොඩනවා යැයි වැරදි මතයක සිටය. එම සැකය උඩු දුවන විට පියා විසින් එම තරුණියට ලබාදෙන මානසික පීඩනය වැඩි වෙනව මිසක් අඩුවක් වෙන්නෙ නෑ. ඒ නිසාම අද වෙනකොට විශාදය වැනි මානසික රෝග වලින් පෙළෙන තරුණ තරුණියන් සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තියෙනවා . ගෙදරටම හිරවුණ ජීවිත වලට ගෙදරිනුත් පීඩන එල්ලවෙන විට එය දරාගැනීම අපහසුවීම තමයි ඒකට හේතුව වෙලා තියෙන්නෙ

තාරුණ්‍යය විසින් වැඩිහිටියන්ට මෙම පෙරළිය පිළිබඳ අවබෝධකොට දීමට උත්සහ කලත් එය නිෂ්ඵල ක්‍රියාවක් වන්නෙ වැඩිහිටියන් තමන්ගෙ තරුණ කාලය සහ වර්තමාන තරුණයින්ගෙ තරුණ කාලය සසඳල බලන නිසාවෙනි. සාම්ප්‍රදායික අදහස් දරන ඇතැම් දෙමව්පියන් ඉන්න නිවෙස්වල තරුණයින් ගෙල වැල ලා ගැනීමේ ප්‍රතිශතය අද ඉහළ ගිහිල්ලා තියෙනවා . ඒකට එකම හේතුව පරම්පරා ඝට්ටනය. ඇතැම් දෙමව්පියන්ට අවුරුදු දහ හතරෙන් දහසයෙන් ඉගෙනීම නතර කරල සල්ලි හොයල පවුල් නඩත්තු කරපු අය. ඉතින් එවැනි අත්දැකීම් තියෙන සමහරක් දෙමව්පියන් තමන්ගෙ දරුවන්ගෙනුත් ඒ වයසෙදි එවැනි දෑ බලාපොරොත්තු වීම දෙමව්පියන්ගෙ වරදක් මිස දරුවන්ගේ වරදක් නෙවෙ. දරුවන්ගේ අධ්‍යාපනයට එක රුපියලක් වැය නොකරන පියවරුන් මෙම සමාජය ඇතුලෙ ජීවත් වෙනවා. තමන් හම්බකරල කන්න කියන දෙමව්පියන් ඉන්නවා.කන්න අදින්න දෙන ඒවා කිය කිය බැණ වදින වගේම හම්බකරගෙන කාපන් කියල තමන්ගෙම දරුවව ගෙදරින් එළවන දෙමව්පියොත් ඉන්නවා. මේ හේතු නිසාම තරුණ ජීවිත වැනසිල වගේම නැගිටලත් තියෙනවා. මේ දේවල් වලට හේතුව තමයි පරම්පරා අතර තියෙන අනවබෝධය. සමාජයෙන් එල්ලවන ගැරහුම් වලට වඩා දරුවෙකුට තමන්ගෙ ගෙදරින් එල්ලවෙන ගැරහුම් බලවත්. ඉතින් තමන්ගෙම දෙමව්පියන් තමන්ට එල්ල කරපු හැම චෝදනාවකටම ප්‍රති උත්තර හොයල දහිරියෙන් නැගිටලා ජීවිතේ දිනල දෙමව්පියන්ගෙ ඇස් පාදපු දරුවො මේ රටේ ඉන්නවා.

ඔබ පියෙක් නම් මවක් නම් ඔබේ අධ්‍යාපන මට්ටම කුමක් වුවත් නිස්කාරණයේ තමන්ගෙ දරුවා සැක කිරීමෙන් වළකින්න. හැම තත්පරයම ලෝකය වෙනස්වෙන බව සිහි තබාගන්න. යාවත්කාලීන වන සමාජය පිළිබඳ අවබෝධයක් නැතත් අවධානයෙන් සිටින්න. ඔබේ අනවබෝධය නිසා ඔබේ දරුවා ඔබට නැති නොකරගන්න. මෙම ලිපිය කියවන ඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් යාවත්කාලීන වන සමාජය ගැන දෙමාපියන් ගේ වදන් වලින් හිත නොරිදවාගන්න. එසේ වන්නට හේතුව කුමක්දැයි සෑමවිට හිතන්න. බැනුමක් නිසා ජීවිතය නැතිකරගන්නට නොව බැනුම ශක්තියක් කොටගෙන ජීවිතේ නැගිටින්නට හුරු වෙන්න.

Top