ප්‍රේක්ෂක දෘෂ්ටිවාදයන්ට බලපෑම් කරන රූපවාහිනී මාධ්‍ය පඨිතයන් (590)

post-title

ඕනෑම මාධ්‍යයක තියෙන වටිනාම දේ තමයි පඨිතයක් කියල කියන්නෙ. පඨිතය කියන එකෙන් අදහස් වෙන්නෙ යම්කිසි සංදේශයක් නැත්නම් පණිවිඩයක් කියන එක. මිනිස් සිතුවිල්ලක්, අදහසක් වාචික හෝ ලිඛිත ස්වරූපයෙන් සටහන් කිරීම පඨිතයක් කියල කියන්න පුලුවන්. ඕනෑම පඨිතයක අරමුණ තමයි අදහසක් ජනනය කරන එක. රූපවාහිනී මාධ්‍ය ඇතුලෙත් පඨිත ගණනාවක් දකින්න පුලුවන්. ප්‍රවෘත්ති, වෙළෙඳ දැන්වීම්, වැඩසටහන්, ටෙලිනාට්‍ය කියන ඒවා නිදසුන් විදියට පෙන්වා දෙන්න පුලුවන්. 

පාස්කු ප්‍රහාරය සිදුවුණු වෙලාවෙ එම පුවත වාර්තාකරණයේ යෙදුණු හැම නාලිකාවක්ම වගෙ මුස්ලිම් පල්ලි හා ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව කඩු, කිණිසි හමු වූ බව දිනපතා වාර්තා කරන්න උනු හින්දම සිංහල , කිතුනු ප්‍රජාවට මුස්ලිම් ප්‍රජාව ගැන ඇතිවුණේ වැරදි දෘෂ්ටිවාදයක්. ඒ හින්දම එහි අවසාන ප්‍රතිඵලය විදියට මුස්ලිම් ප්‍රජාවට දැඩි පීඩා විදින්නට සිදුවුණා. සිංහල ජාතිකයන් මුස්ලිම් ජාතිකයන්ට වෛර කරන තැනට පත්වුණා. දෙපාර්ශවය අතර තිබුණු සුහද ගනුදෙනු අහෝසි වෙලා ගියා. මේ සියල්ලටම හේතුව උනේ රූපවාහිනී මාධ්‍ය පඨිත තුළින් ප්‍රේක්ෂක දෘෂ්ටිවාදයට බලපෑම් කිරීම. ජනමාධ්‍යකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදියාගේ වගකිම තමයි සමස්ත ජනතාවගේ භාවකුපිත නොකරමින් මාධ්‍යකරණයෙ යෙදීම. එහෙත් අද වෙනකොට ආචාරධර්ම ලියවිල්ලකට පමණක් සීමාවෙලා හින්ද 30 වසරක යුද්ධයෙන් පස්සෙ නිවිල ගිය යුද්ධයේ ගිනිපුපුරු වෙනත් මුහුණුවරකින් නැවත දළුලා වැඩීමකට අද දීමක් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියලු ප්‍රවෘත්ති පඨිතයන්ගෙන් කරනු ලැබුවෙ. අදටත් පාස්කු ප්‍රහාරයෙ වැරදිකරුවන් සොයා කරනු ලබන පර්යේෂණ කටයුතු පිළිබඳ වාර්තා කරන සෑම මොහොතකම ජනතාවගේ සංවේදී ඉන්ද්‍රියන්ට තට්ටු කරමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලේ වැකුණු ජායාරූප පළකිරීමට තරම් මාධ්‍ය නාලිකා සැහැසිවීම නිසා දිය යට යන රබර් බෝලයක් මෙන් නැවත නැවත ජනතාව තුළ වෛරී ආකල්ප අවුලවනු ලබනවා. එසේම රූපවාහිනී නාලිකාවෙන් නාලිකාවට ද ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටිවාදය වෙනස්කිරීමට කරනු ලබන බලපෑම වෙනස්වෙනවා. ඒ කුමක් නිසාද කියනවනම් රාජ්‍ය පාක්ෂික රූපවාහිනී නාලිකා වගේම රාජ්‍ය පාක්ෂික නොවන පෞද්ගලික රූපවාහිනී නාලිකා ද ක්‍රියාත්මක වීම නිසා. මෙම නාලිකාවල බලය හිමි තැනැත්තන් දරන දේශපාලන අදහස තමයි ඒ ඒ නාලිකාවල මාධ්‍ය පඨිතයන්ගෙන් ගෙනහැර දැක්වෙන්නෙ. ඉතින් අද වෙනකොට අප රටේ ප්‍රේක්ෂකයන් විවිධ රූපවාහිනී නාලිකාවලට ඇබ්බැහිවෙලා ඉන්නවා. ඒ මත ඔවුන්ගේ ද දෘෂ්ටිවාදයන් වෙනසට භාජනය වෙනවා. 

වෙළෙඳදැන්වීමක් හැමවිටම කරන්නෙ ජනතාව පොළඹවා ගැනීමක්. ඉතින් පොළඹවා ගැනීම සිදුවන්නේ ද දෘෂ්ටිවාදය වෙනස්කිරීම මතම තමයි. උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවේ තරුණ තරුණියන් සම පැහැපත් කරගැනීමට දක්වන්නෙ විශාල රුචිකත්වයක්. දවසින් දවසට එන සම පැහැපත් කිරීමේ ආලේපන මිලදී ගැනීමට පෙළඹෙනුයේ වෙළෙඳ දැන්වීම හරහා දෘෂ්ටිවාදය වෙනස්වීමේ ප්‍රතිඵලයක් විදියට තමයි. අද වෙනවිට ලංකාවේ වෙළෙඳපොළ ඇතුලෙ කාන්තාවත් අලෙවි සංකේතයක් විදියට තමයි භාවිතා කරන්නෙ. එහෙම කියන්න හේතුව තමයි සෑම වෙළෙඳ දැන්වීමකටම කාන්තා චරිතයක් යොදා ගැනීම. එහෙම කාන්තා චරිතයක් යොදාගනු ලබන්නෙත් මිනිසුන්ගේ දෘෂ්ටිවාදය වෙනස්කරල නිෂ්පාදනයේ අලෙවිය ඉහළ දැමීම නිෂ්පාදකයන්ට පහසු නිසා . 

වර්තමාන ලංකාව තුළ විකාශය වන බහුතරයක් ටෙලිනාට්‍ය ඉන්දියන් සහ කොරියන් නාට්‍ය. ඒ හින්දම අද ලාංකිකයන් විවාහය කියන දේ දිහා බලන විදියත් වෙනස්වෙලා ගිහිල්ලා තියෙනවා. පහුගිය අවුරුදු පහක කාලසීමාව තුළ විවාහවීම සහ දික්කසාදවීම යන්න සාමාන්‍යකරණය උනු සංකල්පයක් බවට පත්කරල තියෙනවා. එහෙම කියන්න හේතුව තමයි රැල්ලට සමාජය ඇතුලෙ ජනප්‍රිය චරිත විවාහ ගිවිසගෙන , ගිවිසගත්තාටත් වඩා ඉක්මනින් දික්කසාද වෙන සංස්කෘතියක් දක්නට ලැබුණා. එය සාමාන්‍ය ජීවිත වලට ගෙන එනු ලැබුවෙ ටෙලිනාට්‍ය හරහාම තමයි. තරුණ තරුණියන්ගේ දෘෂ්ටිවාදයන්ට කොරියන් ටෙලිනාට්‍ය කොතරම් බලපෑම් කලාද කියතොත් මිනි ගවුම්, සායවල් ලංකා සංස්කෘතිය ඇතුලෙ මුල්බැස ගත්තෙ මේ හින්ද තමයි. ඒ විතරක් නෙවෙයි කොරියන් ටෙලිනාට්‍ය නළුනිළියන්ගෙ විදියට කොණ්ඩ විලාසිතා පවා වෙනස්කරනු ලැබුවා.ඉතින් අද වෙද්දි රූපවාහිනී මාධ්‍ය පඨිතයන් ප්‍රේක්ෂක දෘෂ්ටිවාදය කෙරෙහි මෙලෙස විශාල වශයෙන් බලපෑම් සිදුකරමින් යනවා. 

ඇස පිනවන, කන පිනවන කොතරම් දේ අහන්නට දකින්නට ලැබුණත් මනසින් නොව බුද්ධියෙන් තීරණගෙන ලෝකය එළිය දකිමු. එවිට ඔබට , මට නිවැරැදි දැක්මක් දිගේ ජීවිතය මෙහෙයවීමට හැකියාව ලැබෙනු නිසැකය .

#BBD0E0 »

Top