ලංකාව තවත් නව දිල්ලියක් වෙයිද? (567)

post-title

අපේ රටත් අද ඉන්දියාවට නොදෙවෙනි වෙමින් යනවා. දැන් දැන් දිනකට රටේ අහන්න දකින්න වෙන මරණ සංඛ්‍යාව දිනකට 200ත් පන්නනල තියෙනවා. ඉස්පිරිතාලවල කොරෝනා රෝගීන්ට දෙන්න ඇදක්වත් අද ඉතුරුවෙලා නැහැ. ඒතරමට ම රෝහල් ලෙඩ්ඩුන්ගෙන් පිරිල ඉතිරිල ගිහිල්ල. ඒත් අපේ මිනිස්සුන්ට තවමත් මරණ බය දැනිල නෑ. තාමත් හිතුමතේට ඔහේ තමයි වැඩ කරන්නෙ. මේ දවස්වල රට ලොක්ඩවුන් කරලා තිබුණත් ගොඩක් අය බොරු හේතු අරන් පාරට බහිනවා. ඉතින් රෝගය බෝවෙන එක සීඝ්‍ර වෙනවා. මුඛ ආවරණය තත්පර 05කටවත් ගලවන්න එපා කියල තමා වෛද්‍යවරු අද උපදෙස් දෙන්නේ. ඒ තරමට තත්වය භයානකයි අද තියෙන තත්වය . ඒ වගේම තමයි දිනකට මිනී 200ක ට වැඩි ප්‍රමාණයක් එකතුවීම නිසා ආදාහනාගාර වල පවා ධාරිතාවය ඉක්මවල ගිහිල්ල තියෙනවා. මුහුණු ආවරණයක් දාගෙන යන්න කීවට තාමත් සමහර මිනිස්සු එවා කනකට ගන්නෙ නැහැ. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ බෙහෙත් විදගත්තාම කොරෝනා හැදෙන්නෙ නෑ කියලො. ඒත් ඒක වැරදි මතයක්. බෙහෙත් විදින එකෙන් වෙන එකම යහපත තමා කොරෝනා හැදුනත් ඒ වෛරසයට මුහුණ දෙන්න පුළුවන් විදියට අපේ ශරීරයෙ ප්‍රතිශක්තීකරණය වැඩි වෙන එක. මිනිස්සු සල්ලි හරි කොරෝනා සුව වෙන්න පැණියක් හරි තියෙනව කීවොත් ඒක ගන්න පොරකන්නෙ රටේ තියෙන තත්වය ගැන බිංදුවටම අමතක කරලා. ඒත් ඒ නොසැලකිලිමත් ක්‍රියා පිළිවෙත හින්ද වෙන්නෙ තව තවත් මේ වෛරසය රට පුරා උඩුදුවන එක විතරයි. 

දවසකට මිය යන පිරිස 200ට වැඩි වෙද්දි අපේ රටත් තවත් විශාලා මහනුවරක සළකුණු තමයි පහල කරන්නෙ. කොටින්ම කීවොත් අද ලංකාවේ ඔක්සිජන් පවා නැතිවෙලා ගිහින්. ඒවා ගෙන්නන්නෙත් සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් වලින්. ඒ විතරක් නෙවෙයි අද පුංචි පැටව්ටත් හුස්මගන්න බැරුව පණ අදින තත්වයට පත්වෙලා තියෙනවා. රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ කොරෝනා හැදුණු දරුවන් විශාල පිරිසක් වාර්තාවෙනවා කියල රෝහලේ වෛද්‍යවරු කියනවා. වැඩිහිටියන්ටත් දරාගන්න බැරි ලෙඩක් පොඩි දරුවන් කොහොම දරාගන්නද කියන දේ ගැන පොඩ්ඩක් හිතල බලන්න. ඒ තරමට දැන් මේ වෛරසය උග්‍ර වෙලා තියෙන්නෙ. මෙච්චර කාලයකට ඉන්දියවේ තිබුණු ඩෙල්ටා ප්‍රභේදය තමයි තියෙන දරුණුම කොරෝනා වෛරස ප්‍රභේදයවෙලා තිබ්බෙ. ඒත් ඒ සියල්ල වෙනස් කරමින් මීට සතියකට විතර කලින් ඇමෙරිකාවෙන් , පකිස්තානයෙන් හොයාගත්ත එප්සිලන් වෛරසය ලොව පවතින දරුණුම වෛරසය වෙලා තියෙනවා. එම නව වෛරස ප්‍රභේදය දැනට නිපදවා ඇති කිසිම එන්නතක් සමඟ ප්‍රතික්‍රියා නොකරන බව හොයාගෙන තියෙනවා. එන්න එන්නම තත්වය දරුණු අතට හැරෙනවා මිසක සුභ පෙර නිමිත්තක සළකුණු නිකමටවත් පෙනෙන්නට නෑ. 2021 අගෝස්තු මස 17 වන දින වන විට කෝවිඩ් 19 වෛරසයෙ තවත් විකෘති වෛරස ප්‍රභේද තුනක් හොයාගෙන තියෙනවා. දිනෙන් දිනම එක එක වෛරස ප්‍රභේද කරලියට එනවා. ඒ කරලියට එන වෛරසම අපේ ජීවිතත් එකින් එකම අපෙන් උදුරගන්නවා.

අද අපේ මිනිස්සුන්ට අත් හොදන්න ඕනි කියන එක මීටරේ දුරින් ඉන්න ඕනි කියන එක අමතක වෙලා ගිහින්. කොච්චරටම අමතක වෙලාද කීවොත් කොරෝනත් දැන් සාමාන්‍යකරණය වෙලා. දැන් දිනකට මරණ සංඛ්‍යාව 200ට වැඩි නිසා තමයි ආයෙත් පාරක් මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න පටන් අරන් තියෙන්නෙ. ගොඩාක් මිනිස්සු ඉන්නෙ නැව ගිලුනත් බෑංචූන් තියරියෙ. ඒත් ඒ නිසාම රටට එන්න එන්නම ආගධයට යනවා. ඒත් චුට්ටක් හිතල බලන්න මේ යන විදියට ගියොත් මිනිස්සු උනු අපට ජීවත් වෙන්න තරම් වාසනාවක් ඉදිරියට තියෙයිද කියල. 

මේ ලොක්ඩඩුන් එකෙන් පස්සෙ රට නැවත විවෘත කරාම කොච්චර ගෙදරට වෙලා ඉන්න අපහසු උනත් පොඩ්ඩක් ඉවසලා නිවසේ රැදෙන්න. ඔබේ ජීවිතේ ගැන වගේම නිවැසියන්ගේද ආරක්ෂාව ගැන සිතන්න. රටෙත් ඔක්සිජන් හිගයක් පවතින අවස්තාවක ඔබේ හුස්ම ඔබට ම අල්ලාගත නොහැකි වුවහොත් හීන පැතුම් බලාපොරොත්තු පසෙකලා මරු කටට යන්න තමා වෙන්නෙ. තවත් ප්‍රමාද නොවී ඔබේ ජීවිතය රැක ගැනීමට ඔබම සටන් වදින්න. ඔබේ චර්යාවන් එක්ක පරිස්සමින් ඉන්න. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි !

Top