සැබෑම මාධ්‍ය නිදහස හිමි වුවත් ජනමාධ්‍යවේදියා සහ සමාජය නිසි මගට යොමු වෙයිද ? (518)

post-title

ජනමාධ්‍යවේදියෙකුට වාරණයකින් හා තර්ජනයකින් තොරව ලියන්න, කියන්න වගේම ඉදිරිපත් කරන්නත් තියෙන හැකියාව තමයි මාධ්‍ය නිදහස කියල කියන්නෙ. 2015 ට කලින් අපේ රටේ මාධ්‍ය නිදහසට සීමා පැනවිල තිබ්බත් 2015 පස්සෙ අද වෙනතෙක් යම්තාක් දුරකට මාධ්‍ය නිදහස අපේ රටේ මාධ්‍යවේදීන්ට ලැබිල තියෙනවා. ඒත් සැබෑම මාධ්‍ය නිදහස ලැබිලද කියන එකනම් ගැටලුවක්. මොකද ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වගේ රටවල ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ට අවශ්‍ය හැමදේම වාර්තා කරන්න ඉඩහසර ලැබිල තියෙනවා . එහෙම විදේශ රටවල් එක්ක සසඳල බලද්දි අපේ රටේ මාධ්‍ය නිදහස තියෙනවා කීවට ඇතැම් පාලකයින්ගෙ බළල්අත් ක්‍රියාත්මක වෙන බවක් පේන්න තියෙනවා මේ අංශය වටා. ඒත් ඒ බළල් අත් ටිකත් ඇකිලිලා සැබෑම මාධ්‍ය නිදහස අපේ රටට ලැබුණ දවසට අපේ රටේ මාධ්‍යවේදීන් විදේශ රටවල මාධ්‍යවේදීන් වගේ ආචාරධර්මානූකූලව හැසිරෙයිද කියන එක නම් උභතෝකෝටිකයක්. 

දැනට තියෙන ජනමාධ්‍ය නිදහස තුළ බහුතරයක් ජනමාධ්‍යවේදීන්ගේ හැසිරීම ඉතාමත් ශෝචනීයයි. රූපවාහිනීයට, ගුවන්විදුලියට, පත්තරේට වෙන් වූ ආචාරධර්ම පද්ධති වෙන වෙනම හදුන්වල දාල තිබ්බට ඒ ආචාරධර්ම අද වෙද්දි නමට විතරක් සීමා වෙලා ගිහිල්ලා තියෙනවා. සල්ලි හොයාගෙන ලාභ හොයාගෙන යන මාධ්‍ය කර්මාන්තය ඇතුලෙ කදුළු පවා අද අලෙවි වෙනවා. ඒ තරමට අද මාධ්‍ය කර්මාන්තය පිරිහිල. කෙනෙක් සියදිවි නසාගන්න ගගට පැන්නොත් තමන්ගෙ දෑස ඉදිරිපිට ඒ මනුස්සයා බේරගන්න එක පැත්තක දාලා කැමරාව අටවන් ඒකත් වීඩියෝ කරන් ප්‍රවෘත්තියට නගලා දාන්න තරම් අද සමාජෙ පිරිහිල. ඒත් බලන්න පොඩ්ඩක් යුරෝපීය, ඇමරිකානු රටවල උපරිම මාධ්‍ය නිදහස තිබ්බත් කවදාවත් කාගෙවත් කදුලක් අලෙවි කරන්නෙවත්, සංවේදී බව අලෙවි කරන්නෙවත් නෑඒ වගේම තවත් තියෙන විශේෂ කාරණයක් තමයි ඒ රටවල හැම මාධ්‍යවේදියෙක්ම තමන්ගෙ රටේ වැදගත් දේවල් පිටට යන්න නොදී තියාගන්න තරම් වගකීම සහගතව වැඩ කරනවා. තමන්ගෙ රටේ ආරක්ෂාවට , අභිමානයට හානිවෙන කිසි දෙයක් වාර්තා කරන්නෙ නෑ . 

ඒත් අපේ රටේ මාධ්‍ය හැසිරීම එහෙමද කියල කියවන පාඨක ඔබම පොඩ්ඩක් හිතල බලන්න . ඉතින් එතකොට තියෙන නිදහසටත් වඩා වැඩි නිදහසක් තවත් ලැබුනොත් වෙන්නෙ තව තවත් මේ මාධ්‍ය කර්මාන්තය අගාධයට යන එක විතරයි. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය , පෞද්ගලික හැම මාධ්‍ය ආයතනයක්ම එකම කතිකාවක ඉදලා ආචාරධර්මානූකූලව මාධ්‍යකරණයෙ නියැලුනොත් අද ඉන්න ප්‍රේක්ෂක , පාඨක , ශාවක පිරිස ජනමාධ්‍ය භාවිතයෙන් ඉවත් වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි අවුරුදු ගණනාවක් තිස්සේ ජනමාධ්‍ය ජනතාවට පුරුදු කරල තියෙන්නෙ ආචාරධර්ම වලට පටහැනි වාර්තාකරණයක් හා වැඩසටහන්කරණයක් . ඉතින් එකපාර වෙනසක් උනොත් එදාට පුරුදු දේවල් අත් හැරල නුපුරුදු දේවල් වැලදගන්න පිරිස ඉතාම අල්පයයි . ඒක නිසා වෙන්නෙ සමාජය සමාජ මාධ්‍ය වෙත වැඩි වශයෙන් නැඹුරු වෙන එක. මිනිස්සු කොච්චර නම් පෙළඹිලා ඉන්නවද කියනවනම් ලංකාවේ හැදෙන ටෙලිනාට්‍යකට වඩා විදේශ රටක ටෙලිනාට්‍ය වැලදගන්න පිරිස වැඩි .. දැන් මිනිසුන්ගෙ යටි හිත ඉල්ලන්නෙම රැල්ලට යන කලාවක්. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තහනම් කරපු කාලෙ vpn හදාගෙන ඕනි තරම් අය සමාජ මාධ්‍ය ජාලා භාවිතා කලා.. ඉතින් ඒ වගේ තමයි සැබෑ මාධ්‍ය නිදහස ලැබුණත් පුරුදු කලාවෙන් බැහැරට ජනමාධ්‍යවේදියා මෙන්ම සමාජයත් කවදානම් එළඹෙයිද කියන එක අවිනිශ්චිතාර්ථයක්

Top