කාලසරන්නී 03 කොටස

post-title

ඇගේ මනසේ ක්ෂණයකින් ඇ‍ංඳී මැකී ගිය රූප රාමුවක් නිසි ලෙස මතක් කරගැනීමට ඈ වෙහෙස ගත්තාය..

"Tickets to Another World" ?

මොකක්ද මට මේ මතක් වුණේ..?? 

ඈ තව දුරටත් එය පැහැදිලිව මතක් කර දෙන ලෙසට හිතට බල කළාය. ඔව්.. ඇයට එය මතකය. සම්පූර්ණයෙන්ම නැතත් සිද්ධිය මතකයේ ඇත. මීට වසරකට පමණ පෙර ඇය නැරඹූ චිත්ර පටයක අඩංගු සිත් කාවදින සිදුවීමක් ඇයට කෙසේ නම් අමතක වෙන්නද..? 

ඇමෙරිකාවේ එක්තරා ප්රාෙන්තයක සුවිසල් තණ බිම් ප්ර දේශයක අතරමං වන දරුවන් සිව් දෙනෙක් අහඹු ලෙස කාල දොරටුවක් හරහා සමාන්තර ලොවක් වෙත පිවිසීමත් සමඟ ඇති වන සිද්ධි දාමයකින් යුත් එම චිත්රදපටය සැබැවින්ම එකල ඇගේ සිත කැළඹීය. එහෙත් අද එයින් සිත කැළඹුණේ වෙනත් හේතුවක් නිසාය.. එනම්, අතරමංව සිටි ඒ ළමුන් සිව්දෙනා අසලින් කාල දොරටුව විවෘත වන්නේ පැවති අධික ශීතල නිසා තණබිමේ එක් ප්රඑදේශයකදී අහඹු ලෙස හමුවන පත්රාිකාර කඩදාසි වැනි කොටස් කීපයක් එක් කර ගිනි දැල්වීමට යාමේදී වීමයි. එය තනිකරම ප්රහබන්ධයකට වඩා  සුරංගනා කතාවකට ළං වූ කතාවක් නමුත් කිසියම් නන්නාඳුනන හේතුවක් නිසා ඇගේ සිත අසාමාන්යය ලෙස කැළඹී තිබීම ඇයටද ප්රතශ්නාර්ථයක් විය.

" මොන විකාර ද මං මේ හිතන්නෙ..? මේවත් ටිකට් ද එතකොට කොහෙටහරි ?" ඈ තමාගෙන්ම විමසුවේ උපහාසයෙනි..

" මොන අපායෙ ගියත් තනියම නම් ඉල්ලන් කන්න බෑ.. හෙට උදේ නිශා නැඟිට්ටම ට්රපයි කරල බලමු ඕන එකක්.." සැහැල්ලු සිතින් ඈ තරයේ සිතා ගත්තාය.

තවත් යමක් සිතෙන්නට පෙර අඩියට දෙකට තම නිදන කාමරයට ගිය මායා සයනයට ඇද වැටුණේ කපා හෙළූ කෙසෙල් කඳක් මෙනි. පුරුද්දක් ලෙසම එසේ සයනයට ඇදවැටීම ඈට ගෙනදුන්නේ මහත් ප්රීහතියකි.

නිදාගන්නට පැමිණ පැය බාගයකට ආසන්න වුවද නින්ද තවමත් ඇය අසලකටවත් පැමිණ නැති සැටියකි. අධික පිපාසයක්ද දැනෙන්නට වූයේ තත්වය තවත් අසීරු කරවමිනි. ඇගේ වේලාවටම අද වතුර වීදුරුවක් නිදන කාමරයට රැගෙන ඒමටද අමතක වී ඇති හැඩකි.

එවිටම වාගේ ඇගේ ජංගම දුරකථනය vibrate වෙනවා ඇසුණු මායා අඩ අඳුරේම කොට්ටය යටට අත දමා එය අතට ගත්තාය.

" මේ රෑ කවුද මේ ඒ පාර..??"

 රෙයාන්..? ඒ ඇගේ ඊජිප්තු මිතුරාය...

" මූ මොකද මේ ආපහු ගන්නෙ.."? එසේ සිතමින්ම ඇමතුම විසන්ධි කළ ඈ කෙටි පණිවුඩයක් පමණක් තැබුවේ කෙසේ වුවත් හේතුව දැන ගත යුතු බැවිනි..

ජංගම දුරකථනය ආපසු තැබූ ඇය නැඟී සිටියේ කෙලෙසවත් ඉවසා සිටිය නොහැකිවූ දැඩි පිපාසය නිවාගන්නා අදහසිනි. කාමරයේ විදුලි පහන පමණක් දල්වා තැබූ ඇය එයින් ලැබෙන ලා එළියෙන් මඟ සොයාගනිමින් කෙළින්ම ගියේ ශීතකරණය අසල තබා තිබූ ෆිල්ටරය දෙසටය. පිපාසය සංසිඳෙන තුරු වතුර වීදුරුවක්ම උගුරට දෙකට හිස් කළ ඈ තවත් වතුර වීදුරුවක් පුරවාගත්තේ රැගෙන යාමටය.

ඒ සමඟම ඇයට ඇසුණේ කිසිවෙකු ඇගේ කාර්යා ල කාමරය දෙසින් ඇවිද එන හඬයි. ඈ මදක් නැවතුණේ ඒ නිශා විය යුතු බැවිනි.. 

"මේ රෑ මැද මට කතා නොකර නැඟිටල මේකි මොනා කරනවද මන්ද.. පව් කෙල්ල.. අවුලෙන් ඇත්තෙත්.." ඇයට එසේ සිතුණි.

නිශා ඉදිරියට යාමට මායා අඩිය එසවූවා පමණි.. දුටු දර්ශනයෙන් ඇය ව්යාෙකූල වූයේ එක්වරම තම ඇස් අදහාගත නොහැකි වූ හෙයිනි..

ඔව්.. මායා මේ දකින්නේ කිසි සේත්ම විය නොහැක්කකි  මායා ඉදිරියෙන් ඇගේ පර්යේ ශණාගාරය දෙසට මේ ඇවිද යන්නේ තවත් "මායා " කෙනෙකි. හැඩරුවින් 100% ක්ම සමාන තවත් මායා කෙනෙකි...

 

                                                                   * * * * *

 

මායා වික්ෂිප්ත වූ දෑසින් තවදුරටත් බලා සිටියාය.  තමාට නිවුන් සොයුරියක් වත් සිටියානම් මෙය අදහන්නට තිබිණි. ඇය ඉදිරියෙන් ඉක්මන් ගමනින් ඇවිද ගිය  "දෙවෙනි මායා " ඇගේ පර්ය් ෂණාගාරය තුළට වැදී දොර වසාගන්නා අයුරු දුටු මායාට හුස්ම ගන්නට පවා අමතක විය. කුමක් කළ යුතුදැයි නිශ්චිතව තෝරා බේරා ගත නොහැකි වූ මායා එක්වරම යමක් සිහිපත් වූ කලෙක මෙන් නිශාගේ කාමරයට දිව ගියේ අසිහියෙන් මෙනි..

" නිශා ..නිශා...අනේ පොඩ්ඩක් නැගිටපන් බන්.."

නිශාගේ දෙවුරින් අල්ලා වේගයෙන්  සොලවමින් මායා කීවේ රහස් හඬින් නමුත් වෙව්ලමිනි.

" මොකද බන්..මේ ..ඇයි .." කලබලයෙන්  සයනයෙන් නැගිට ගත් නිශා ද සිටියේ අධික ලෙස බියපත්වය.

" නිශා..විස්තර පස්සෙ කියන්න ම්..දැන් වරෙන් මගෙ පස්සෙන්..සද්ද කරන්න එපා.." මායා කීවේ නිශාගේ අතින් ඇදගෙන කාමරයේ දොර දෙසට ඇවිද යන ගමන්මය..

සද්දයක් නොනැඟෙන සේ ඉක්මන් ගමනින් පර්යේ්ෂණාගාරය අසලට පැමිණි ඔවුන් දෙදෙනා  සෙමින් සෙමින් දොර අසලට සමීප වූයේ ගැහෙන හදවතිනි. නිශාට මඳකට නතරවන ලෙස හිසින් සන් කළ මායා සෙමින් දොර තල්ලු කළ අතර අතර එය හඬක් නොනඟාම පහසුවෙන්ම විවෘත වූයේ  ඇතුලු වූ පුද්ගලයාට එය ඇතුළතින් අගුලු දැමීමට අමතක වූ සෙයක් කියා පාමිනි..

පුදුමයකි.. එහි කිසිවෙක් වූයේ නැත.. ඇතුළත සියල්ල පෙර පරිදිම වූ අතර කිසිවක් එහා මෙහා වී හෝ නොතිබුණි.. හදිසියේම යමක් මතක් වූ මායා මේසය අසලට දිව ගියේ නිශාගේ අරුම පුදුම කඩදාසි ටික තිබේදැයි සැක හැර දැනගැනීමටය. ඒවාද පෙර තිබූ තැනම එලෙසින්ම තිබිණි ..

ඈ නිශාගේ මූණ බැලුවේ කිසිවක් තේරුම් ගත නොහැකි බැල්මකිනි.

"මොකක්ද බන් මේකෙ තේරුම ?..මොකද වුණේ..? "

නිශාට මෙය තේරුම් කරදෙන්නේ කෙසේද ?? ඈ මෙය විශ්වාස කරනු ඇද්ද ??

එතැන් සිට ගතවූ ඊළඟ මිනිත්තු කිහිපයේදී මායා නිශාට සම්පූර්ණ සිද්ධිය විස්තර කරමින් හුන්නාය...

                                                             *  *  *  *  *

" නැවතුම් පර්වතය " ට අදාළ සෙවීම් ආරම්භ වී පැවතිණි... මායාගේ මිතුරන් කිහිප දෙනෙක්ද කාර්යකය සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් සිටියෝය .. විෂය ශබ්දකෝෂ, පුරාණ ලේඛන හා අන්තර්ජාලයේ හෝඩුවාවක් ගත හැකියැයි සිතෙන සෑම අස්සක් මුල්ලක් නෑරම පීරමින් ඔවුහු නැවතුම් පර්වතය සොයමින් හුන්හ. පෙරදා රැයේ වූ සිදුවීමත් සමඟ සසල වී හුන් මායා හැකි ඉක්මනින් මේ අබිරහස සෙවීමට තීරණය කළෙන් ඒ කටයුතු ආරම්භ කිරීමට සිදු වූයේ කඩදාසියේ තිබී හමුවූ රහස් පණිවිඩය සමඟය. මේ සිදු වෙමින් පවතින්නේ ඒ කටයුත්තයි..

" මැඩම්, අපිට දෙයක් ලැබුණා.. පොඩ්ඩක් එන්න පුලුවන් ද මෙතෙන්ට.."

මායා කඩිනමින් එදෙසට ගමන් කළේ  කල්පනා ලොවින් මිදෙමිනි.

"මැඩම් මේක මොකක් හරි රිසර්ච් පේපර් එකක කොටසක් වගේ පේන්නෙ.. ඒත් මූලාශ්රමයක් නම් හොයාගන්න බැරි වුණා.. මේකෙ අපේ විස්තර වලට සෑහෙන්න ගැළපෙන විස්තරයක් තියෙනවා..මේ තියෙන්නෙ ..."  මායා ඒ අස්සලින් හිඳගත්තේ වඩාත් හොඳින් එය නිරීක්ෂණය කිරීමටය.

" මට මේකෙ ප්රි න්ට් අවුට් එකක් අරන් දෙන්න ශාන්.."

" හරි මැඩම්.."

                                                                            * * * * *

ශාන් විසින් අතට දුන් වාර්තාවද රැගෙන නිශා අසලට පැමිණි මායාගේ මූණේ තිබුණේ බැරෑරුම් පෙනුමකි.

" නිශ්, මං හිතන්නෙ මට දෙයක් තේරෙනවා දැන්.."

"මේ නැවතුම් පර්වතය කියන්නෙ අපේ සීගිරිය කියල මෙන්න මේ රිපෝර්ට්ස් වලින් අයිඩියා එකක් හම්බවෙනව නිශ්..අනිත් මේ ඉලක්කම් වලින් කියවෙන්නෙ සෞරග්රේහ මණ්ඩලයේ කේන්ද්ර්යේ ඉඳල යම් පිහිටීමකට අදාළ දිශානතීන් තීරණය කරන මිනුම් වගයක් ...මේවත් සීයට අනූවක්ම ගැළපෙන්නෙ සීගිරිය හෝ ඒ අවට ස්ථානයකට , අපේ මූලික පෙරැයීම් වලට අනුව... ඒ විතරක් නෙමෙයි බං  අපේ ඔෆිස් එකට ඊයේ එයාර්ෆෝස් රේඩාර් යුනිට් එකෙන් ඩීටේල්ස් වගයක් ඇවිත් තියෙනව UFO ( හඳුනානොගත් පියාසර වස්තූන් ) කේස් එකක් කියල සැක කරන.. විනාඩි පහක් ඇතුළත විටින් විට මතු වෙලා නොපෙනී ගිහින්.. වැඩේ කියන්නෙ මේක රේඩාර්වලට අවසානෙට අහුවෙලා තියෙන්නෙ සීගිරිය සයිඩ් එකේම තියෙන යහන් ගල කියන කන්ද කිට්ටුව.. ශාන් කියනවා සීගිරිය යහන්ගල දෙකම නිවුන් කඳු වගේලු...

අනේ මන්ද බන්.. "

"අනිත් වැදගත්ම දේ තමයි මේක මොකක් වුණත් අපිට මේ ගැන හෝඩුවාවක් ගන්න නම් ඒ පැත්තට යන්නම වෙනවා.. මේක කියවන්නකො එතකම්... හැමදේම සවිස්තරාත්මකව තියෙනව .. මං තව පොඩි වැඩක් තියෙනව ඒකත් බලලම එන්නම්.. "

මායා නික්ම ගියා ය..

" ආ මේ....අපි හිතන් ඉන්නෙ තව ටිකකින් සීගිරිය පැත්තෙ පොඩි රවුමක් දාලා එන්න.. ඔයාටත් ලෑස්ති වෙන්න වෙයි මං හිතන්නෙ.." 

" හරි බන්..." නිශා උත්තර දුන්නේ ඕනවට එපාවටය.. ඇය සිටියේ සීගිරිය සිහියෙනි.

"පාර්සලයක් ගිය දුරක්..ඈ තනිවම සිතුවාය..

                                                                      * * * * * 

තොරතෝංචියක් නැතුව කියවන ශාන් ගේ විස්තර අසා සිටින මායා සිතින් සිටියේ තමා වටා මෙ සිදුවන විකාරයේ අගක් මුලක්දැන ගැනීමේ නොතිත් උවමනාවෙනි. කොළඹින් පිටත් වූ කැබ් රථයේ සිටියේ මායාත් නිශාත් ඇගේ හිතවතා සහ ගෝලයා වූ ශානුත් රියදුරු අසේලත් පමණි. රථය ගලේවෙල පසු කරමින් ඉදිරියට ඇදෙද්දී මායා සුව නින්දකට වැටුණාය.. පෙර දින රාත්රිරයේ හරි හැටි නින්දක් නොලබා සිටි ඇය මෙසේ නිදාගැනීම එතරම් පුදුම වීමට කාරණාවක් නොවිණි.

" මායා... අපි ආවා..." නිශාගෙ හඬින් අවදි වූ ඇයගේ ගතට හා සිතට යම් ජීවයක් දැනෙමින් තිබුණි..

" මෙන්න මේකයි සැලැස්ම " මායා කෙටි උපදෙස් මාලාවකට මුල පිරුවේ අනික් දෙදෙනා වෙත සැලසුම් සහගත බැල්මක් හෙළමිනි..

                                                                    * * * * * *

"නිශා..... ශාන්.....ඔයාල කොහෙද ? නිශා... "

මායා තරමක් උස් හඬින් කෑ ගැසුවාය..ප්ර්තිචාරයක් නොවුණු තැන ඇය නැවත හඬක් නොනගාම පහළට බහින්නට පටන් ගත්තේ ඔවුන් තමාට පෙර පහළට බසින්නට ඇතැයි සිතුණ බැවිනි... සියුම් කේන්තියක් ද හිතේ හංඟා ගත් ඇය පය ඉක්මන් කළේ ඉර බැස යන්නට පෙර මේ කැළයෙන් එළියට යා යුතු වූ බැවිනි.. ඔවුන් සිටියේ සීගිරි පර්වතය ආසන්නයේ වූ තවත් කුඩා කඳු මුදුනක් ආශ්රි තව ඇති වන ලැහැබක් තුළය.. සීගිරිය හා ඒ අවට සියලු සැක බිම් කොටස් වල ඇවිද ගිය ඇයට දිගින් දිගටම ලැබුණ හෝඩුවාවන් හා සැකයන් මත මේ සියල්ල සිය දෑසින්ම නිරීක්ෂණය කරන්නට ඇයට අවශ්යය විය..

තරමක් උස් ගසින් යුත් මේ වනය තුළ යටි රෝපණයක් නොමැති වූ බැවින් ඉතා ඉක්මනින් ගමන් කිරීමට හැකියාව ලැබිණි.. මිනිත්තු කිහිපයකින් ගස් වලින් තොර වූ විවෘත  මඳ තැනිතලා බිමකට ප්රවවිශ්ට ඇය සිය ජංගම දුරකථනය අතට ගත්තේ නිශාට ඇමතුමක් ගැනීමටය. ඒ සමඟම ඇය පසුපසින් මෙතෙක් වේලා සැඟවෙමින් පැමිණි තවත් දෙදෙනෙකුට සිය කාර්ය්්   සඳහා අවසර ලැබිණි.

මායා පසුපසින් ඇගේ ගෙල වටා එතුණු හැඩි දැඩි අතකින් ඇගේ ගෙල මදින් මද සිරවෙද්දී තවත් අතකින් ක්ලෝරෆෝම් මිශ්රිේත ආඝ්රාුණයකින් යුත් යමක් ඇගේ නාසය තුළට තද කළේ අසුරු සැණිනි...

ලබන සතියට

 

 

 

Top