ද ග්‍රේට් එලිෆන්ට් ගැදරිං ඔෆ් ඒෂියා (558)

ද ග්‍රේට් එලිෆන්ට් ගැදරිං ඔෆ් ඒෂියා (558)

මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයන්හි වාර්ෂිකව සිදුවන ලෝක ප්‍රසිද්ධ අලි එකතුව පිළිබඳව නිෂ්පාදනයවූ "ද ග්‍රේට් එලිෆන්ට් ගැදරිං ඔෆ් ඒෂියා - THE GREAT ELEPHANT GATHERING OF ASIA” නම් වනජීවී වාර්තා චිත්‍රපටය පිළිබඳ කෙටි විස්තරයක් අද වචන.lk වෙතින් ඔබ වෙත.

පරිසරවේදී දිලුම් අලගියවන්න මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වයෙන් නිෂ්පාදනය කරන ලද මෙම සම්මානනීය වාර්තා චිත්‍රපටය 2018 වසරේ ටෝකියෝ නුවරදී පැවැත්වුණු ජපාන වනජීවී චිත්‍රපට උළෙලේදී 2017 වසරේ “හොඳම වනසත්ව චර්යා රටා සම්මානය - Best Animal Behaviour Award” දිනා ගනිමින් ජාත්‍යන්තර සම්මානයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික වනජීවී වාර්තා චිත්‍රපටය බවට පත්වී ඇත.

මොරගහකන්ද-කලු ගඟ ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමේදී මින්නේරිය/කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වාර්ෂික අලි එකතුව සඳහා ඇති විය හැකි අහිතකර බලපෑම් වැළැක්වීම සඳහා මහවැලි ජල ආරක්‍ෂක ආයෝජන වැඩසටහනේ ජල හැරවීමේ ප්‍රධාන සැලැස්ම වෙනස් කරන ලෙස මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට ඒත්තු ගැන්වීමට ද මෙම වාර්තා චිත්‍රපටය වැදගත් වීම විශේෂ ඇගයීමට ලක්වී ඇත.

එමෙන්ම මෙම වනජීවී වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කරමින් දිලුම් අලගියවන්න මහතා වනජීවී සංරක්ෂණයට දක්වන ලද දායකත්වය ඇගයීමට ඔහුට 2019 වසරේදී පරිසර අමාත්‍යංශය විසින් බ්ලූ ග්‍රීන් ජනාධිපති සම්මානය ප්‍රදානය කර ඇත.

පහතින් ඔබට එම THE GREAT ELEPHANT GATHERING OF ASIA වාර්තා සිනමා නිර්මාණ‌ය රසවින්ඳනය කල හැක.

Top