සොඳුරු ජපානයේ සියදිවි නසාගැනීමේ වනපෙත

post-title

සුන්දර සකුරා මල් පිපෙන කලකට හිමෙන් වැසෙන පුජියාමා කඳු පාමුළ මිනිසුන් සියදිවි නසා ගන්නා වන පෙතක් පිළිබඳව ඔබ අසා ඇත්තේද ?

පුදුමයකි .. මහායාන බුදු දහමෙන් හික්මවනු ලැබු බොන්සායි ,එකෙබානා වැනි මල් කලාවන්ගෙන් සිත මෝහනය කරවන, කබුකි ,නෝ වැනි කලාවන්ගෙන් පිරි ජපානය ට යන ඔබට මෙය අමිහිරි අත්දැකීමක් වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ජපානයේ ජනගහනයෙන් ලක්ෂයකට 25.8% සියදිවි නසාගැනීම ට උත්සහ කරන අතර ලෝකයේ සංවර්ධිත රට වලින් වාර්තා වන සියදිවි නසා ගැනීම් සඳහා ඉහළම ප්‍රතිශතයක් දක්වන රට ජපානයයි. එරට වැසියන්ගේ නිගමනයට අනුව දිවි නසා ගැනීම යනු යම් සංසිද්ධියක වගකීමක් දැරීමය. ජපානයේ ඉතිහාසයේ අසන්නට ලැබෙන හරාකිරි හෙවත් සෙපුක්කු ක්‍රමයද බඩ කපාගෙන දිවි නසා ගැනීමේ ප්‍රසිද්ධ ක්‍රියාවලියකි. එලෙසම ජපානයේ මිනිසුන් විසින් දිවි නසා ගැනීම උදෙසා යන වනාන්තරයක් ජපානයේ පිහිටා ඇති බව බොහෝ දෙනා නොදත් කරුණකි.

ෆුජියාමා කන්දේ වයඹ කොටසේ කිලෝමීටර් 30ක් පුරා පැතිරී ඇති මෙම වනාන්තරය ලොවටම වටිනාවූ හරිත නිම්නයකි. විවිධ ජෛව විවිධත්වයකින් යුතු පරිසරයක් වන මෙය ගිනි කන්දෙන් පටවන ලාවා සහ ලෙන් ලාවා මිශ්‍රිත පසක් සහිත පරිසරයකින් නිර්මාණය වී ඇත. වසර පුරා හිම පිරි ගුහා තුනක් (Caves) මෙහි දැකිය හැකිය. මෙම වනාන්තරය සංචාරකයින්ගේ සහ පාසල් ළමුන්ගේ ජනප්‍රිය නැරඹුම් ස්ථානයක් වන අතර මෙහි ඇති ලාවා ස්තරය ශබ්ද අවශෝෂණය කර ගන්න ස්වභාවයකින් යුක්තය.

පැරණි ජනප්‍රවාද වලට සහ මිත්යා විශ්වාසයන්ට අනුව මිනිසුන් පවසන්නේ " යුරි නම් නරක භුතාත්මයක් මෙම වනයේ සැරිසරන බවයි". කොම්පාසු (Compass) මෙම වනාන්තරය පාලනයකින්‍ තොරව ක්‍රියාකරන බවට මිත්‍යා මත පැතිර පවතියි. 1956 වසර දක්වාම මෙම ප්‍රදේශය ජපානයේ ආරක්ෂක අංශ පුහුනුවීම් කටයුතු සඳහා භාවිතා භාවිතා කර ඇත මෙම වනාන්තරය පුරාවම අමුතුම ගුප්ත බවක් සහ පාළු බවක් රැඳී තිබෙන අතර ලොව විවිධ රටවලින් මිනිසුන් තම ජීවිතය නැති කර ගැනීම සඳහා මෙම වනාන්තරයට පිවිසි අවස්ථාද දක්නට ඇත.

2010 වසර වන විට ලැබූන දත්ත අනුව මෙහි දිවි නසාගැනීම් 54ක් සිදුවී ඇති අතර වසරක් තුළ සිය දිවි නසා ගැනීමට 200 කට අධික සංඛ්‍යාවක් උත්සහ කර ඇත. මාර්තු මාසයේදී මෙම ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට ඇති අතර ජපන් පොලිසිය මෙම ව්‍යවසනය ප්‍රචලිත නොකිරීම සඳහා නියම දත්ත ප්‍රකාශ නොකිරීමට වග බලාගෙන ඇත,මෙම වනාන්තරය විවිධ ජාතිකයින්ගේ ගීත ,ටෙලිනාට්‍යය සහ චිත්‍රපට රාශියකට පාදක වී ඇත.

ජපානයේ මනෝ විද්‍යා චිකිත්සක ආයතනයේ අධ්‍යක්ෂ යෝෂිනොරි චා ඕගේ "Why do People Suicide" නමැති ග්‍රන්ථයට අනුව මෙම මරණ වලට හේතු රාශියක් අනාවරණය කර ඇත. අපදා වලට ලක්වීම , සුපුරුදු නිවාස වලින් ඉවත්වීමට සිදුවීමෙන් ඇතිවූ දිගුකාලින අවපිඩනය , ප්‍රධාන හෙතුන්ය. වසරකට කීපවරක් භූකම්පන වලට ලක්ව ආපදා විඳිම මෙම ක්‍රියාවලියට හේතු පාදක වී ඇත. දිවි නසා ගත් අය අතර බොහෝ දෙනෙකු ස්ථිර වැඩක නොයෙදුණු අයයි. පවුල් ප්‍රශ්න හා ආර්ථික අපහසුතා තවත් හේතුන්ය.

සමහර රටවල සියදිවි නසාගැනීමට නීතියෙන් හෝ ආගමෙන් ඉඩක් නැති අතර ,ජපානයේ " ඉතිහාසය පුරා සියදිවි නසාගැනීම ආගමෙන් තහනම් කර නැති බව" චාඕ පවසයි. මෙම වනාන්තරයට ඇතුළු වන ස්ථානයේ වෙළඳ සලක් පවත්වාගෙන යන අතර මනුශ්‍ය හිතකාමී පුද්ගලයකු පවසන්නේ වනාන්තරය නැරඹීමට පැමිණ , ඔහුගේ වෙළඳ සලට පිවිසෙන පිරිස් අතරින් සියදිවි නසාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඔහු හඳුනා ගත් බවයි. පසුව කතා කොට ,තේ කෝප්පයකින් සංග්‍රහ කර, ගිලන් රථ සේවයට බාර දී ,දිවි ගලවාගත් බව ඔහු පවසයි. මොවුන්ගෙන් බොහෝ දෙනා තමන්ගේ දුක කියගැනීමට නොහැකි පුද්ගලයින්ය.

 

ජපන් වැසියන්ට අනුව මෙම වනාන්තරයට පිවිසීමත් සමග ඔවුන් හා බාහිර ලෝකය සමග ඇති සියලුම සම්බන්දතා බිඳ වැටේ. මෙයට හේතුව ෆුජි කන්දේ යමහල් විවරණය මගින් ඇතිවන්නා වූ භූ විෂමතා වෙනස හේතුවෙන් ඇතිවන ලාවා සහිත පසේ ඇතිවන චුම්භක බලයක් ක්‍රියාත්මක වීමයි.

මිනිසුන් මෙය Suside Forest නමින් හඳුන්වන්නේ ද මෙලෙස වාර්ෂිකව සිදුවන දිවිනසා ගැනීම් වල වර්ධනය නිසාවෙනි. මෙම වනාන්තරයට ඇතුල් වෙන දොරටුවේ " ජිවිතය කියන්නේ ඔබගේ දෙමවුපියන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාගයකි. ඔබේ දෙමව්පියන්ව සිහියට නගා ගන්න. ඔබේ පවුලත් ඒහි සාමාජිකයින්වත් මතකයට නංවා ගන්න. ඔබ තනිවෙලා දුක් විඳින්න අවශ්ය නැත. අවට දුරකථන කුටි අවශ්‍ය තරම් තිබෙනවා.අපට කතා කරන්න. ඔබේ උදව්වට අපි එන්නම්. " ලෙසින් පණිවිඩයක් දැන්වීමක් ලෙසින් සටහන් කර ඇත. නමුත් මෙම අවවාදය මිනිසුන් කොතෙක් දුරට පිලි ගන්නවා දැයි සැක සහිතය.

පුද්ගලයෙකුට ජීවිතය නසා ගැනීමට ආගමෙන්වත් , නීතියෙන්වත් ඉඩක් නැති නමුත්  මේ සිදුවන සියලුම සිදුවිම් දිහා ඔකිගහරා වනාන්තරය තම ගුප්ත නෙත් යොමු කරමින් බලා සිටිනවාට නම් සැක නැත.

Top