සතුටුදායක අවසානයන් සහිත නවකතා ලියූ Daphne Du Maurier (545)

post-title

Dame Daphne Du Maurier, Lady Browning යනු 1907 -1989 අතර කාලයේ එනම් 20 වැනි සියවසේ සිටි ඉංග්‍රීසි නවකතා කෙටිකතා රචිකාවක් සේ ම විශේෂයෙන් ම නාට්‍ය පිටපත් රචිකාවකි. ඇයව වඩාත්  ප්‍රචලිත වුයේ ආදරණීය රෝමාන්තික නවකතා ලියන්නියක් ලෙසය. ඇගේ නවකතා සම්මත විද්‍යා ගවේෂණ වලට පරිබාහිර වූ චිත්ත ස්වභාවය ඉස්මතු කර පෙන්වන නව කතා ලෙස සම්මතව ඇත. ඇයගේ මුල්ම කතාව විචාරකයින් ගේ සැලකිල්ලට බඳුන් නොවූ අතර ඒ හරහා නිපදවූ නාට්‍ය හේතුකොටගෙන විසල් ආදායමක් උපදවා ඒ පිළිබඳව මැය නමක් දිනා ගත්තාය. මැයගේ නවකතා චිත්‍රපට වලටද අනුවර්තනය වූ අතර ඒ කෘතීන් අතර Rebecca, My cousin Rachel, Jamaica Inn යන නවකතාද The Birds සහ Don't Look Now යන කෙටිකතාද වේ. මැයගේ කෘතීන් විචාරශීලි වූ යුගයක පුළුල් පරාසයකින් පිළිගැනීමට ලක්විය.

ඇය 1907 මැයි 13 උපත ලද අතර මෙතුමිය ජිවිත කාලයෙන් බොහෝ කලක් කොන්වෝල් Cornwall වල ගත කළ අතර මේ කාලය තුළ ඇය ගේ නවකතා විසල් ලෙස ප්‍රසිද්ධ වන්නට විය. ඒ සමගම ඇය සමාජයෙන් වෙන්ව හුදකලාව ජිවත් වන්නට පටන් ගත්තාය.

ඇයගේ පියා නළුවකු සහ කළමනාකරුවකු වූ ශ්‍රීමත් ජෙරල්ඩ් ඩියු මොරිර් වූ අතර මව නිළියක සහ ජනමාධ්‍යවේදිනියක් වූ මුරියෙල් බෝමන් විය. ඇයගේ සීයා ප්‍රසිද්ධ කාටුන් චිත්‍ර ශිල්පියකු සහ ලේඛකයකු වූ ජෝර්ජ් ඩියු මොරිර් විය. මැයගේ පවුලේ උදවියගේ සාහිත්‍යට හා මාධ්‍යයට තිබු සම්බන්දතා මැයගේ ලේඛන දිවියට මහත් සේ උපකාරී වූ බව නොරහසකි.

මැයගේ සාහිත්‍ය ලිපි ලේඛන මුලින්ම පත්තර වල පළවූ අතර Beaumont's Bystander පුවත්පත මැයගේ ජනප්‍රියත්වය රඳවා ගැනීමට බෙහෙවින් උපකාරී විය. ඇයගේ පළමු නවකතාව වුයේ 1931 දී පළවූ The Loving spirit කෘතියයි.1938 දී රචනා කල The Rebecca කෘතිය මැයගේ ජනප්‍රියත්වයට බෙහෙවින් මග පෑදු කෘතියක් වූ අතර 1935 -1965 කාල සීමාව අතර තුරදී මෙම කෘතියෙහි පිටපත් මිලියන 3කට අධික සංඛ්‍යාවක් විකිණුනි. එලෙසින්ම මෙම කෘතිය ජනප්‍රියත්වයේ ඉහළම ස්ථානයේ පිහිටි අතර මෙය වේදිකා නාට්‍යයක් ලෙස බොහෝ ස්ථානවල ප්‍රදර්ශනයට බඳුන් වන්නට විය. ඇමරිකාවේදී Dame Daphne du Maurier, ඇමරිකානු පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ජාතික පුස්තක සම්මානයෙන් ඇය පිදුම් ලබන ලදී. The Rebecca කෘතිය BBC හි 2003 සංගනනයට අනුව අංක 14 වැනි ජාතියේ හොඳම ආදරණිය නවකතාව ලෙසට නම් ලද්දේය. මෙම කෘතිය රචනා කලේ ඊජිප්තුවේදී හමුදා බිරිඳක් ලෙස කටුක ජිවිතයක් ගත කල අවදියේදීය. මෙය කාන්තාවන්ගේ සිත තුළ ඇතිවන අධික චිත්තවේගයන් ගේ හැදෑරීමක් ලෙස සිදුකල පර්යේෂණාත්මක කෘතියක් ලෙසද ගත හැකිය.

මැයගේ අනිකුත් කෘතීන් අතර අර්ථවත් කෘතීන් ලෙස The scapegoat , The House on the Strand සහ The Kings General කෘතීන් නම් කළ හැකිය. වේදිකාවේ රඟදක්වන ලද නාට්‍ය පිටපත් අතරට Jamaica Inn, Frenchman's Creek, Hungry Hill, and My Cousin Rachel ගැනේ. ඇයගේ කෙටිකතා වලින් 1963 වසරේ රචිත The Hitchcock සහ The Birds යන කෙටිකතා නාට්‍ය බවට ද පත්කර ලදී. 1963 දී The Don't Look Now කෘතිය චිත්‍රපටයක් ලෙස සිනමාවට එක් විය. Jamaica inn චිත්‍රපටිය ත්‍රාසජනක කතාවක් වූ අතර බොහෝ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ අවධානයට ලක්වුවක් විය

ඇයගේ නවකතා සැමවිටම අවසන්වුයේ සතුටකින් වීම නිසා ඇයව ආදරණිය කතා රචිකාවක් ලෙස නම් විම පිළිබඳව ඇය සිටියේ පසුතැවිමකින් සහ කලකිරීමකිනි. ඇයව අගය කළ විලියම් විල් කි කොල්කින්සන් සහ අනික් රචකයින්ගේ ගේ කෘති හා සසඳද්දී මැය බොහෝවිට සංවේදී බව දනවන පොත් ලියා ඇතැයි පවසා ඇත. 1965 ඇයගේ සැමියාගේ මරණින් පසු සිතේ ඇතිවූ ගැඹුරු සන්තාපය නිසා ඇයගේ සහජ කුසලතාවයන් පිරිහීමේ අවධානමකට ලක්වුණි. ඇයගේ පාරම්පරික නිවසෙහි බද්ද කල්දමා ගැනීමට නොහැකි වුනි. පසුව ඇය පාර් වල කිලිමාත් වලට යන ලදී. 1969 වසරේදී ඇයගේ වඩාත්ම පිළිගැනීමට ලක්වුණ ට The House on the Strand කෘතිය රචනා කරන ලද්දේ එහිදී ය පසුකාලීනව ඇයට නිර්මාණාත්මක ලිවීමෙහි යෙදීමට නොහැකි වූ පුද්ගල පිරිහීමට කාලය පැමිණි අතර වයස 81 වුනු 1989 දී කොන්වොල් වල පිහිටි නිවසේදී මෙලොවින් සමුගන්නා ලද්දය.

Top