ලොවක් වසග කරගත් බොලිවුඩ් සුන්දරිය - ජූහි චව්ලා (531)

post-title

හින්දි සිනමා ලොව සුන්දරම කාන්තාවක් වූ ජුහි චව්ලා 90 දශකයේදී ඉන්දියාවේ වඩාත්ම පිළිගත් කාන්තාවක් විය. ඇය රංගනයෙන් මෙන්ම කටහඩින් ද රංගනයට දායකත්වය දුන් අතර චිත්‍රපට නිෂ්පාදීකාවක් ලෙසද ප්‍රසිද්ධතාවයක් උසුලන ලදී. ඇය 1967නොවැම්බර් 13වන දින ඉන්දියාවේ අම්බාලා ප්‍රාන්තයේ උපත ලද අතර ෆොර්ට් කන්‍යාරමයෙන් අධ්‍යාපනය ලබන ලබා උසස් අධ්‍යාපනය වාණිජ අංශයෙන් ලබා ගත් සිදෙංහම් විශ්ව විද්‍යාලයෙ උපධිදාරිනියක වුවාය.

1984 වර්ෂය ඇයගේ ජිවිතයේ කඩඉම් වර්ෂයක් වුයේ ඉන්දියාවේ Miss India කිරුළ දිනාගැනීම සමගින්ය. එම වසරේදීම ඇය විසින් විශ්ව රූ රැජිණ තරඟාවලියේ හොඳම Best Costume Award ද දිනා ගැනීමේ භාග්‍යය උදා කර ගත්තාය.

1986 දී පළමුව සුල්තානා චිත්‍රපටයේ රඟපෑවත් එය වානිජමය වශයෙන් අසාර්ථක විය. ඉන්පසු 1987 දී රවිචන්ද්‍රන් විසින් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රේමා ලෝක චිත්‍රපටයේ රඟ පෑ අතර එය බෙහෙවින්ම විවේචනයට සහ කතාබහට ලක් විය. 1988 තිරගත වූ ක්යාමත්සේ ක්යාමත් චිත්‍රපටය බොලිවුඩයේ ඇයගේ පලවෙනි ප්‍රධාන චරිතාංගය ඇතුලත් චිත්‍රපටය වූ අතර අමීර් ඛාන් ප්‍රධාන නළුවා විය.එම චිත්‍රපටය ශේක්ස්පියර් ගේ රෝමියෝ ජුලියට් නාට්‍යයේ නුතන අනුවර්තනය වූ අතර වාණිජමය වශයෙන් අති සාර්ථක ව ප්‍රේක්ෂකයින්ගේ හද බැඳ ගත් චිත්‍රපටයක් සේම විවේචනයට පාත්‍ර වූවක් විය.මෙය ෆිල්ම් ෆෙයා සම්මාන උළලේ හොඳම සම්මානය දිනා ගත් අතර ජුහි විසින් ප්‍රථම Film Fair Award for Lux New Face of the year සම්මානයද දිනාගනු ලැබිය.එමෙන්ම ඇයව ෆිල්ම් ෆෙයා හොඳම නිළිය ලෙස පත් කිරීමේ නාම යෝජනාවද ලැබිය.ක්යමත්සේ චිත්‍රපටය බොලිවුඩ් හංගාමා වෙබ් අඩවියේ සඳහන් වුයේ ඉන්දියානු සිනමාව නවමු මාවතකට යොමු කල චිත්‍රපටයක් ලෙසයි.

1990 වසරේදී ඇය ප්‍රතිබන්ධ් චිත්‍රපටයේ රඟපෑම ආරම්භ කල අතර බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් වීම සුවිශේෂීය. ඇයගේ අනගි රඟපෑමක් ලෙස බොහෝ විචාරකයින්ගේ ප්‍රසංශාවට ජුහිව ලක්විය.ජුහි චව්ලා ෆිල්ම් ෆෙයා අවොර්ඩ් දෙවෙනි සම්මානයට නිර්දේශ වුයේ මෙම චිත්‍රපටය ඔස්සේය..එලෙසම එම වසරේදීම ඇය ඩේවිඩ් ධාවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රාජේශ් ඛන්නා සහ ගොවින්දා සමගින් රඟපෑ Swarg චිත්‍රපටය එළිදැක්වුණු අතර එය ඩේවිඩ් සහ ගොවින්දා සමග ඇයගේ සහයෝගිතාවය සංකේතවත් කරන ලදී.

1992 දී රිෂි කපුර් සමගින් Bol Radha Bol හි රඟපෑ අතර ෆිල්ම් ෆෙයා හි හොඳම නිළිය ලෙස තෙවන වතාවටත් නාම යෝජනා ලැබිය.එම චිත්‍රපටයේ ඇය කඳුකරයේ ජිවත් වන රූමත් තරුණියකගේ චරිතයක් රඟපෑ අතර හාස්‍යජනක විය.ඉන්පසු Aziz Mirza ගේ Raju Ban Gaya Gentleman චිත්‍රපටයේ ශාරුක් ඛාන් සමගින් විකට චරිතයක් රඟපාන ලදී.මෙම චිත්‍රපටය ඇති සාර්ථක ලෙස බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ අතර ප්‍රවීණ රංගධරන්ගේ මහත් ප්‍රසංශාවට ලක්වීමේ භාග්‍ය ලැබිය. එක් විචාරකයෙක් පැවසුවේ මෙහිදී ජුහි සාමාන්‍ය මධ්‍යම පාන්තික වැඩ කරන කාන්තාවක් ලෙස මනරම් රංගනයක යෙදුනු බවත් සැමදෙනාගේම අවධානය යොමු කර ගත් සංවේදී සහ සුන්දර රඟපෑමක යෙදුනු බවත්ය.

ඉන්පසු 1993 දී අමීර් ඛාන් සමගින් මහේෂ් බාත් නිෂ්පාදනය කල ආදරය සහ හාස්‍යජනක බව මිශ්‍රිත චිත්‍රපටයක් වූ Hum Hen Rahi Pyaar ඇයගේ චිත්‍රපට ගමනේ විශිෂ්ටතම රංගනය එළිදැක්වූ චිත්‍රපටය ලෙස විචාරකයින්ගේ මතය විය.ඇයට පහසුවෙන්ම ඉන්දීය සිනමාවේ හාස්‍යජනක නිළිය බවට පත්වීමට හැකිවිය.එමෙන්ම අන් නිළියන්ට අභියෝගයක් එල්ල කල චරිතයක්ද විය.තවත් විචාරකයෙක් පැවසුවේ ඇය ස්වභාවයෙන්ම විනෝදාත්මක චරිතයක් බවත් මිනිසුන් ආදරය කල චරිතයක් වීමට ඇයට හැකියාව ලැබුණු බවත්ය.එයට ඇයගේ ස්වභාවික සුන්දරත්වය සහ කරුණාවන්ත බවය හේතුවක් වූ බවද ප්‍රචලිතය.

මෙලෙසින් ඇය Lootere ,Aiena ,Darr ,Ishque ,Yes Boss ,Saajan Kha Gaar ,Ram jaane ,Abbhas Mustan,Deewana Mastana ,Mr and Mrs Kiladi ,Duplicate ඇතුළු චිත්‍රපට 70වකට මේවන විට රඟපෑමෙන් දායකත්වය ලබාදී ඇත.

1998වසරේදී ජුහි ශාරුක් ඛාන්, කාජල් සහ අක්ශේ කුමාර් සමගින් විවිධ ප්‍රසංග චාරිකාවක් සඳහා ඇමරිකාවට යාමට නම්වූ අතර කැනඩාවට සහ මැලේෂියාවද මෙහි අදියරයන් විය.2009දී නිපුණතා විනිශ්චය කිරීම සඳහා ඇයට ආරාධනා කෙරුණු අතර ඉන්දියානු Sony Entertainment Television මගින් සංවිධානය කරනු ලැබූ නර්තන තරඟාවලියක් විනිශ්චයෙහි යෙදුණි. එමෙන්ම ඉන්දියානු රජය විසින් ඇයට ඉන්දියාවේ කාන්තා සහ ළමා අධිකාරිය වෙනුවෙන් විසින් පැවැත්වූ කාන්තා ඓන්දිය උත්සවය වෙනුවෙන් ඉන්දියානු තානාපතිනිය ලෙසට පත් කරන ලද අතර මේ වන විට ජුහි සමාජ සේවා ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරයි.

ජුහි කර්මාන්ත හිමිකරුවකු වූ ජේ මෙහතා සමගින් 1995දී විවහා වූ අතර මේ වන විට ජානවී සහ අර්ජුන් නමින් දරුවන් දෙදෙනෙකු ද හිමි වාසනාවන්ත කාන්තාවක් විය. පැවති සම්මුඛ සාකච්ජාවකදී ජානවී පැවසුවේ ඇය ලේඛිකාවක් වීමට බලාපොරොත්තු වන බවයි.

ජේ මෙහෙතා සහ ජුහි චව්ලා Indian Premier League හි සම අයිතිකරුවන් වන අතර Red Chile Entertainment ව්‍යාපාරය හිමිකරුවූ ශාරුක් ඛාන් සමගින් එක්ව කටයුතු කරති.

Top